Wednesday, April 24, 2013

ලෙනින් සැමරුම සමග, යලි කරලියට එන රුසියානු අධිපතිවාදය.


වී.අයි.‍ලෙනින් ‍ගේ 143 වන ජන්ම දින සමරැ උත්සව රුසියා‍වේ ‍බො‍හෝ ප්‍රදේශවල - පවත්වනු ලැබූ බව වාර්තා‍වේ.
ලෝක ඉතිහාසය ‍වෙනස් කල ...‍ශ්‍රේෂ්ඨ ඔක්‍තොම්බර් විප්ලවයට නායකත්වය දුන් වී.අයි.‍ලෙනින් 1870 අ‍ප්‍රේල් 22 ‍මෙ‍ලොව එලිය දුටු‍වේය.
රුසියානු විප්ලවයට නායකත්වය සැපයූ ‍කොමියුනිස්ට් පක්ෂය බිහි කිරීමටද ඔහු පු‍රෝගාමී විය. විප්ලවය සමග රාජ්‍යයන් 15ක් එක්කරමින් ‍සෝවියට් ‍දේශය බිහි ක‍‍‍ළේය.
අ‍මෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ප්‍රමුඛ බටහිර ධනවාදී රාජ්‍යයන්ට අභී‍යෝග කරමින්, ‍ලෝක බලව‍තෙකුට පත්වූ ‍සෝවියට් ‍දේශය, ‍දෙවන ‍ලෝක යුද්ධ‍යේදී, හිට්ලර් පරාජය කිරී‍මේ ‍‍‍‍‍‍‍‍‍ඵෙතිහාසික කාර්යභාරය ඉටු ක‍ළේය.

සෝවියට් දේශය හා ‍කොමියුනිස්ට් පාලනය 1981දී බිද වැටින. එයින් වසර 32කට පසුවද, ‍ලෙනින් සැමරීම අත්හැරීමට රුසියානු‍‍වෝ සූදානම් නැති බව ප්‍රකාශ විය.
මොස්කව් රතු චතුරශ්‍රයේ තැන්පත් කර ති‍බෙන - ‍ලෙනින් ‍දේහය, එතැනින් ඉවත් කර මිහිදන් කලයුතු බවට 1981 ‍‍සෝවියට් ‍දේශය බිදවැටීම සමග එරට ඔ‍තො‍ඩෙක්ස් (ක්‍රිස්තියානි ) පල්ලිය හා රුසියානු ජාතිවාදීන්‍ගේ උත්සාහය ‍මෙ‍තෙක් සාර්ථක වී ‍නොමැත.
පසුගිය දිනක, රුසියානු ජනාධිපති පූටින්, ‍ලෙනින් ‍ගේ ‍දේහය, චතුරශ්‍රයෙන් ඉවත් කිරී‍මේ අදහසට දැඩි වි‍රෝධය පලකර සිටි‍යේය.

මේ අතර, නැවත සුපිරි බලව‍තෙකුවී‍මේ උත්සාහයක නිරතව සිටින රැසියාව, ‍‍සෝවියට් ‍දේශය බිදවැටීමත් සමග අතහැර දමන ලද යුද්ධ ශක්තිය නැවත වර්ධනයට පියවර ‍ගෙන ති‍බේ.
වි‍‍ශේෂ‍යෙන් අන්තර් මහද්වීප බැලැස්ටික් මිසයිල රැසියානු දුම්රිය මාර්ග පද්ධතියට එක් කිරීම ආරම්භ කිරීම එක් නිදසුනකි.

No comments:

Post a Comment