Monday, April 22, 2013


කාජු;- මගේ දෙමාපියන් මුඩුක්කුවාසීන්. 
කබීර්;- අපේ දෙමාපියන් කවුරුවුනත් මොනවකලත් එක අපි දෙන්නට බලපාන්නේ නැහැ. 

1984 වර්ෂයයි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්දි රන්දෙවොලේ සිටින ශික් කැරලිකරුවන් ඉවත් කිරීමට හමුදාවට නියෝග දුන්නාය. එහි ප්‍රතිපලය ලෙස ඇගේ ශික් ආරක්ෂකයින් ඇයව වෙඩි තබා ගාතනය කළහ. එහි ප්‍රතිපලය වුයේ නවදිල්ලියේ ශික් විරෝදී කැරලි කෝලාහල ඇතිවීමත් එයින් පුද්ගලයින් 3000 ක් පමණ මියයාමත්ය. සිය මවගේ ගාතනයෙන් පසු ඉන්දීය අගමැති වුයේ ඇගේ පුත් රජිවූ ගාන්දිය. මෙම කැරැල්ල ගැන ඔහුගෙන් විමසු විට හෙතෙම කිවේ මහා ගස් පෙරලෙන විට පෘතුවිය සෙලවෙන බවයි. 2011 දීත් හුමන් රයිට් වොච් සංවිදානය ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම 1984 සමුල ගාතනයට වගකිවයුත්තන්ට විරුද්දව නඩු පවරන ලෙසයි. 

මෙම 1984 සිදුවූ ශික් සංහාරයට ඉන්දීය ආණ්ඩුවේත් පොලිසියේත් අනුග්‍රහය නොමදව ලැබිණි. අමු සිනමාපටය මේ සංහාරය ගැන ලියවුණකි. කාජු 1984 දී සිදුවූ කැරැල්ල නිසා මවත් පියාත් සිය කුඩා සොහොයුරත් අහිමිවූ දැරියකි. එවිට ඇගේ නම අමුය. ඇයව සහන සේවිකාවක් විසින් හදා වඩා ගෙන උස්මහත් කරන්නේ කාජු ලෙසය. ඇය ව ඇමෙරිකාවට රැගෙන යයි. ඇය ඉන්දියාවට නැවත පැමිණීමෙන් පසුව 1984 කැරැල්ල ගැන සොයන්නිය. ඇයට එහිදී සහය වන තරුණ ශිෂ්‍යා කබීර් පසුව ඇගේ පෙම්වතා වේ. මෙම සිනමා පටය අතිශය සංවේදීය. ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී ප්‍රචණ්ඩත්වයන් මුලුනුපුටා දැමීමට ලොව ඕනෑම තැනක සිනමාව මැනවින් යොදා ගත හැක. එය ප්‍රබල මාද්යකි. එය ඉන්දියාවේ සිනමා කර්මාන්තය තුල ශෝනලි බොස් මැනවින් උපයෝගී කරගෙන තිබේ. 

                             
                                                 හර්ෂි සි. පෙරේරා 

No comments:

Post a Comment