Wednesday, April 10, 2013

බණ්ඩාරගම පොලීසියෙන් ගහලා පුතාට අසාධ්‍යයි.


2013 අප්‍රේල් මස 08 වනදා, දවල් 2.00 ට පමණ නිවසේදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි දුලාජ් තිලිණට, බණ්ඩාරගම පොලීසියේ, පොලිස් කාරයින් හතර දෙනෙක් අමානුෂික අන්දමට පහර දීලා අසාධ්‍ය තත්වයෙන්, පොලිස් කූඩුවේ පසුවන බව - ඔහුගේ පියා වන ප්‍රේමරත්න හෙට් (10දා) බණ්ඩාරගම පොලිස් කූඩුවේ, නැගිට ගන්නටවත් බැරිව වැතිර සිටින දුලාජ් තිලිණ ගේ වම් ඇස ඉදිමී ඇති බවත්, පිටේ, කකුල්වල, පහරවල් පැහැදිලිව දකින්නට ලැබෙන බවත් -  ඔහු වැඩි දුරටත් කියා සිටී.
අද (10) උදේ 9.00 ට  පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ, එහි සහකාර පොලිස් අධිකාරී 01 වෙත -  මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා දී ඇත.
මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට හා ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී -  පානදුර වෙත ලිඛිතව දැනුම් දී ඇත.

දුලාජ් තිලිණව රෝහල් ගත කරන ලෙසද, අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද -  ඔහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂයේද සහය ඇතිව, අත්අඩංගුවේ තබා ගත හැකි කාලය පැය 24 සිට පැය 48 දක්වා දීර්ඝ කළේ -  සාමාන්‍ය ජනතාව -  පොලීසිය ලවා තලා පෙලා දැමීමට බව, වැඩි දෙනෙක් තේරුම් ගන්නේ තමන්ගේ අයෙකුට පොලීසිය පහර දුන් විටය.

No comments:

Post a Comment