Thursday, April 11, 2013

විනිසුරුවද සම්බන්ධ කර පෙත්සමකa!! සැකකාරිය දින 50ක් රිමාන්ඩ්.


තම සොහොයුරාට කිසියම් පුද්ගලයකු විසින් කරන ලද පහරදීමක් අදාලව පොලිසියේ කැදවීමට - වාද්දුව පොලිසියට ගිය ඇයව රැයක් පුරා රදවා ගෙන සිට වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කළේය.

එයින් අනතුරුව දින 50ක් යන තෙක් ඇයට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේ - මහේස්ත්‍රාත්වරයා එවා තිබු බවට ප්‍රකාශවු  නිර්ණාමික පෙත්සමක් පදනම් කරගෙනය. ඇය අනෝමා සන්දනායකය.

2011.11.09 දින වාද්දුව පොලිසියට පැමිණි අනෝමා සන්දනායකව අත්අඩංගුවට ගෙන ව්‍යාජ තොරතුරු අන්තර් ගත බී වාර්තාවක් සමග 2011.11.10 දින පානදුරයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පත් කළේය.
ඒ අවස්ථාවේ ඇයව 2011.11.15 දින දක්වාද, ඉන් අනතුරුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් 2011.12.30 දක්වාම රිමාන්ඩ් බාරයේ තබන ලදි.

2011 නොවැම්බර් 09 දින පොලිසියට පැමිණි අනෝමා සන්දනායකව අත්අඩංගුවට ගෙන සැකකරුවකු කරමින් පැවරූ නඩුවට අදල සැකකරුවන් අල්ලා ගැනීමට, එනම් වසරකුත් මාස පහක් යනකං, පොලිසියට නොහැකි වී තිබේ.

ඒ අතර, 2013.04.02 වන දින නඩු වාරයේදී, නැවත ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට, පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අධිකරණය අවසර ලබාදෙන ලදි.

මෙහිදී ඇය මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - පානදුර වෙත ලිඛිතව පැමිණිල්ලක් කරමින්, 2011.11.09 දින ඇය වාද්දුව පොලිසියට ගිය අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපතිවරයා බව ප්‍රකාශ කල, පො.ප.මිලාන් සිල්වා ඇතුලු තවත් නිලධාරීන් ඇයට අසභ්‍ය වචන කියමින් බැණවැදී, නින්දා  කරමින් තර්ජණය කලබව ප්‍රකාශ කරමින් නැවතත් එවන් තත්වයක් යලි ඇතිවීමට ඉඩ නොතබන ලෙසට ද ඉල්ලා ඇත.
පොලිසියේ අවශ්‍යතාවයට පුද්ගලයින්ව රිමාන්ඩ් බාරයට පත් කොකල යුතු බව වන නිතිමය තත්වය නොතකා, පොලිසියේ කාලකණ්නි තෘප්තිය උදෙසා සිදුකරන රක්ෂිත බන්ධනාගාර ගතකිරිම් වල නිමක් දකින්නට නැත. මෙය අනියම් දුවම් පැමිණවිමකි. අධිකරණ බලය උපයෝගි කරගෙන සිදුකරණ ශාරිරික හා මානසික වධහිංසාවන්ට භාජනය කිරිමකි. කෘර අමානුෂික හා අවමන් සහගත සැලකිලි වලට පාත්‍ර කිරිමකි. දුවමකට භාජනය කිරිමකි.

No comments:

Post a Comment