Thursday, April 18, 2013

තුවාලවුනේ වැටීලා බවට නොකිව්ව නිසා කුඩු හයිකෝට් නඩුවක් දාලා


දින හතරක් නීති විරෝධිව රඳවා තබාෙගන වධ දුන්න තරුණයෙකුට මෙම ප්‍රකාශය කල බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් සොරකමකට අත්ඩංගුවට ගත් තරුණයෙකුට කුඩු නඩුවක් දැම්මේ ඔවුන් ගේ අණට විරුද්ධව ගොස් තමාට පොලිසිය පහර දුන් බව වෛද්‍යවරුන්ට ප්‍රකාශ කල නිසාය.
බණ්ඩාරගම, වැල්මිල්ල ගමේ පදිංචි 55හැවරිදි ප්‍රේමරත්න හෙට්ටිආරච්චි, දුලාජ් තිලිණ මිනිමුතු හෙට්ටිආරච්චි වන තම පුතාව බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක තෙන්නකෝන්, සැරයන් ප්‍රේමලාල්, පොලිස් කොස්තාපල් වරුන් ලෙසට හඳුන්නා ගන්නා ලද රණේ හා සරා යන සිව් දෙනා වධ දි ඇති අයුරු පිළිබඳව ලිඛිත පැමි‚ල්ලක් මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති වෙත කරමින් මෙසේ ප්‍රකාශ කරයි.

මාගේ පුතාව බණ්ඩාරගම පොලිසිය විසින්, මාගේ අසල්වැසි දයාවතී නැමැති අයගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 2013.04.08 වන දින උදේ 7.30 ට පමණය. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකමක් සම්බන්ධව සැක පිටය.
    
අත්අඩංගුවට ගත් අවස්ථාවේදීම අතින් පයින් පහරදී, පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි‚ යතුරු පැදියේ මැදින් තබාගෙන, බණ්ඩාරගම පොලිසියේ භෝජනාගාරයට ගෙනවිත්, එහි තිබූ පොලූවලින් හා කොසුවලින් අමානුෂික ලෙස පහරදී ඇත.
පසුව ජීප් රථයේ දමාගෙන අප නිවසට ගෙනවිත්, නිවස අසල පාරේ කපා දමා තිබූ ගසක පොල්ලක් ගෙන අමානුෂික ලෙස පාරේ තබාගෙනම පුතාට පහරදී තිබේ. එසේ පහරදෙමින් අනතුරුව නැවත ජීප් රථයේ දමාගෙන බඩු සෙවීමට යයි කියා පිළියන්දල ප්‍රදේශයට ගෙනගොස්, නැවත අප නිවස අසලට ගෙනවිත්, නිවස අසල පාරේ තබාගෙන අතින් පයින් හා පොලූවලින් අමානුෂික ලෙස පහර දී තිබේ.
එතැනිදී නිලධාරීන් දෙදෙනෙක් පුතාගේ දෙපා මත නැග පොලූවලින් දෙපා වලට පහර දෙමින්, දෙපා මත උඩ පැන ඇත. එසේ කිරීම නිසා මාගේ පුතාගේ දකුණු කකුල කැඩී ඇත.
එසේ පහරදීම නිසා බරපතල ලෙස තුවාල ලැබූ ඔහුව, රෝහල්ගත කිරීමකින් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව - පොලිසියේම තබා ගන්නා ලදි.

මෙම තත්වය තුල ප්‍රේමරත්න හෙට්ටිආරච්චි මහතා 2013.04.10 වන දින උදේ 9.30, තම පුතාව රඳවා තබාගෙන පහරදීම අදාලව, පානදුර ෙජ්්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ, සහකාර පොලිස් අධිකාරී 1 වෙත, සිද්ධිය සැලකොට ප්‍රකාශයක් ද ලබා දිතිබේ.
එයින් අනතුරුව ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව  සහ පොලිස්පති වෙත මේ පිළිබඳව 2013.04.10 දින ෆැක්ස් මගින්ද, පසුව එම පැමි‚ල්ල ලියා පදිංචි තැපෑලෙන්ද යවනු ලැබීය.

ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවේ හදිසි ඇමතුම් අංකයට, කිහිප විටක්ම කථා කොට, මේ කාරණය දැනුම් දීමට පියවර ගෙන තිබේ.
මෙම ක්‍රියාවල ප්‍රතිඵලය වශයෙන්, පොලිසිය පසුදින එනම්, 2013.04.11 වන දින උදේ 7.00ට පමණ, දුලාජ් තිලිණ මිනිමුතුව බණ්ඩාරගම රජයේ රෝහල වෙත ගෙනයන ලදි. බණ්ඩාරගම රජයේ රෝහල ඔහුව පොලිසිය මගින් පානදුර මූලික රෝහල වෙත යොමු කර තිබේ.
පානදුර මූලික රෝහලේදී, ඔහු තමාට පොලිසිය පහරදුන් බව ප්‍රකාශ කර ඇත. 2013.04.16 වන දින දක්වාම, පානදුර මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ 33 වන ඇඳේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත.

අත් අඩංගුවට ගෙන නිති විරෝධිව රඳවා තබාගෙන වධ දෙන පොලිස්ය ඉන් අනතුරුව ඇප ලබා ගැනිම වැළකම්ම සඳහා ව්‍යාජ චොදනා යටතේ නඩු පැවරිම සිදුකරයි. මෙය රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතයි. පොලිසිය බාර ඇමති වශයෙන් ජනාධිපති රාජපක්ෂගේ පුර්ණ රැකවරණය හා ආශිර්වාදය යටතේ පොලිසිය මෙම ක්‍රියාවන් අඛණ්ඩව සිදුකරනු ලබයි.

No comments:

Post a Comment