Friday, April 19, 2013

බොදු බලයින්ට හෝයියා කියන පොලිස් බැලයෝ


ශ්‍රී ලංකාවේ නීතිය මත පාලනය බිදවැටීම හා මානව හිමිකම්වල තත්වය පැහැදිලි කෙරෙන තවත් එක් උදාහරණයකි මේ.
මොරටුව සහ මොරටුව - මෝදර පොලිසි විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමටද, පීඩාවට පත්වූවන්ට තම නීත්‍යානුකූල හිමි ඉඩමට ඇතුලුවීමටවත් ඉඩ නොදී - ක්‍රියාත්මක කරන පොලිස් ත්‍රස්තවාදය පිලිබදව, නිසි පියවර ගැනීමට අදාල බලධාරීන්ට තවමත් නොහැකිව තිබේ.

මොරටුව, කටුකුරුන්ද, උපනන්ද මාවතේ, අංක 10 ඒ දරන ස්ථානයේ පිහිටි - තිස් අවුරුද්දකට වඩා වැඩි කාලයක් නිරවුල්ව, නීත්‍යානුකූලව භුක්ති විදිමින් සිටින ලද මැටිල්ඩා පෙරේරා ට අයත් නිවස -2013 පෙබරවාරි 04 -නිදහස් දිනයේදී, බොදු බල සේනාවට අයත් බව කියා ගන්නා ලද චීවරධාරීන් පිරිසක් පෙරටු කරගත් මැර පිරිසක් නිවස කඩා බිද දමා, පසුව බැකෝ යන්ත්‍රයක් යොදවා සමතලා කරනු ලැබීය.

මෙම අපරාධය පිළිබදව පැමිණිලි බාර ගැනීම පවා ප්‍රතික්ෂේප කල මොරටුව පොලිසිය - අපරාධය පිළිබද නීති ප්‍රකාරව මහේස්ත්‍රාත් අධීකරණයට පවා දැනුම් දීමෙන් වැළකී සිටියේය.
මැටිල්ඩා පෙරේරා ගේ වාචික පැමිණිලි බාරගැනීම ප්‍රතික්ෂේප කලා පමණක් නොව ඒ සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත් තුමාට වාර්තා කිරිමෙන්ද වැළකි සිටියේය.
එම තත්වය තුල මැටිල්ඩා පෙරේරා  ගරු මොරටුව මහේස්ත්‍රාත් තුමාට ලියා පදිංචි තැපෑලෙන් තමාට සිදුවු අපරාධය පිළිබ ගිඛිතව වාර්තා කර සිටියේය.
මේ අතර, මැටිල්ඩා පෙරේරා ට තම ඉඩමට ඇතුලුවන්නට ඉඩ නොදෙන මොරටුව හා මොරටුව - මෝදර පොලිසි දෙක - ඇයට තර්ජණය කරමින්, භිය වද්දමින් ත්‍රස්තවාදී පිළිවෙතක් අනුගමනය කරනු ලබයි.
පොලිස් ත්‍රස්තවාදිය හා එක්ව සිටින සංඝ ත්‍රස්තවාදය මේ රටේ සාමාන්‍ය නීතියට ඉහළින් සිටින පිරිසක් බවට පත්ව ඇති බවට තවත් එක් සාධකයකි - මෙම ක්‍රියාව.

සිව් දරු මවක් වන, පාරම්පරික බෞද්ධ මැටිල්ඩා පෙරේරා තමන්ට හා තම පවුලට සිදුවූ අපරාධය ගැන - යුක්තිය ඉටු කර ගැනීම සදහා නොසැලී ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත්ව සිටී.

No comments:

Post a Comment