65 වැනි අපේ නිදහස සහ අපි.


හෙටයි දවස. අපි සමරමු. 2009 පසු බොහෝදෙ වෙනස්ව ඇත. එත් බවුතිකවය. වසර හතරක සාමයකට උරුම කම් කියමු. මංමාවත්, අදිවේග, ගුවන් පාලම් ඉදිව ඇත. ජනාදිපති රාජපක්ෂ කල්දේ හිටපු ජනපතිනිය චන්ද්‍රිකාට කල නොහැකි විය. ඇය ජනතාවට පමණක් නොව තමන් උදෙසාද කිසිවක් කර ගත්තේ නැත. නමුත් රාජපක්ෂ උදා කල සාමය වසර 04 ක් ගතවුවද දරණිය සාමයක් නොවේ. නීතියේ ආදිපත්‍ය, මානව හිමිකම්, යහ පාලනය බිද වැටෙමින් ඇත. 

මරණ දඩුවම් ක්‍රියාත්මක කිරීම මෙතෙක් දිනා ගත් මානව හිමිකම් ප්‍රගතිය ආපස්සට හැරවිමකි. අලුතින් බදවාගත් වදකයින් දෙදෙනාට දැන් වැලිකඩ සහ බෝගම්බර සිරගෙදර තුල ට්‍රේනින් ලැබේ.

 යුක්තිය පසිදලීම පිළිබද බරපතල ගැටළු ඇත. අගවිනිසුරු හිටපු නීතිපති මොහාන් පිරිසගේ ස්රිජුබවය සහ අවන්කබවය ප්‍රශ්න කෙරුණු මුලික අයිතිවාසිකම් නඩුවක් ඊයේ ශේෂ්ට්‍රදිකරණය විසි කළේය. හිටපු අගවිනිසුරුවරිය සම්බන්ද දෝෂාබියෝග ක්‍රියාදාමය පරික්ෂා කිරීමට මෙරටට පැමිණීමට උත්සහ කල හිටපු ඉන්දීය අගවිනිසුරු වර්මාට අවසර නොලැබිණි. රාජපක්ෂ ආණ්ඩුවෙන් ප්‍රබල ප්‍රසිද්ද පුද්ගලයින් කිහිපදෙනෙකුගේම අයිතිවාසිකම් සහ පුද්ගල නිදහස අනතුරට බාජනය විය. එයින් කිහිපදෙනෙක් නම් වශයෙන් සදහන් කලොත් මද්යාවේදී තිසනායගම්, සරත් ෆොන්සේකා සහ ශිරාණි බණ්ඩාරනායක වේ. මද්යාවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනයට ලක්වූ අතර ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරිණි.

 උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් ජනතාවගේ ගැටළු තවම විසදී නැත. එහෙත් බිම් බෝම්බ ඉවත් කිරීම් සහ අවතැන් ජනයා පදිංචි කිරීම සමබන්දයෙන් සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත. නමුත් තවමත් ක්‍රියාත්මක කල යුතු උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වර්ත්ව හමස් පෙට්ටියේය. ජාතික ගිය විශේෂයෙන් සුළු ජනතාවගේ ඉල්ලීම පරිදි සිංහල සහ දෙමල බසින් ගැයීමට මෙතෙක් අවදානය යොමුව නැත. එසේ වූවානම් ත්‍රිකුණාමලයේ හෙට පැවැත්වීමට නියමිත් 65 වැනි නිදහස් සමරුව ඒකාලෝක වනු නියතය. 

ඉන්දියාවේ වයිකෝ එළබෙන රාජපක්ෂ ඉන්දීය සංචාරයේදී විරෝදතා දැක්වීමට සුදානම් අතර තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉන්දීයාව ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාදක පැනවිය යුතු බව කියා සිටි. ඒ තවත් විසදී නොමැති දෙමල ජනයා මුහුණදෙන බරපතල ගැටළු සම්බන්දයෙනි.

 ශ්‍රී ලංකාවේ වදහිංසා පැමිණවීම, ස්ත්‍රි දුෂණ සහ අපයෝජන , අල්ලස් ගැනීම සහ දුෂණය, මිනීමැරීම්, වුර්තිමය නොසැලකිල්ල අන් කවරදාකටවත් වඩා ඉහල ගොස් ඇත. මාතර නීති ශිෂයවකගේ අත කපා දැමීම අපේ අද්‍යාපනය, වුර්තිය අචර්යදර්ම, මහජන සේවය පිලිබදව බරපතල ගැටළු මතු කර ඇත. 

65 වන නිදහසේදී අපට අවශ්‍ය සාමයක් හෝ සන්වර්දනයක් නොව දරණිය සාමයක් සහ දරණිය සන්වර්දනයකි. එනම් යහ පාලනය, නීතියේ ආදිපත්ය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන දේශයෙකි. එළබෙන පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම අපේ බලාපොරොත්තුව ඉල්ලක්කය සහ අරමුණ නම් එහිලා රාජපක්ෂ ආණ්ඩුවට උක්ත කරුණු ගැන අවදානය යොමු කිරීමට සිදුවනු ඇත.


                                                                                                     
                                                                                                            හර්ෂි සි. පෙරේරා