Wednesday, February 27, 2013

මානව හිමිකම් කොමසාරිස් දේශබන්දු ජෙසීමාගේ ගෝලයා මාල කඩයි


ජනාධිපති රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පත්කල කොමසාරිස්වරුන්ගෙන් එක්කෙනෙකි දේශබන්දු ජෙසීමා ඉස්මයිල්.
ජෙසීමා ඉස්මයිල් කොමසාරිස් ධූරයට පත්වූ දින සිට - ඇගේ පුද්ගලික රියදුරු සෙල්ව කුමාර්ට - මානව හිමිකම් කොමිෂමේ පත්වීමක් අරන් දීමට දැඩි උත්සාහයක යෙදින.
එය අසාර්ථකවීමෙන් අනතුරුව - සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් සෙල්වකුමාර්ට මානව හිමිකම් කොමිෂමේ නිල හැදුනුම්පත්ක් ලබාදී තිබේ.සෙල්ව කුමාර් පසුගියදා වත්තල පොලිස් අත්අඩංගුවට පත්වුනේ මාල කැඩීමකටය. ඒ අවස්ථාවේ ඔහු - මානව හිමිකම් කොමිෂන් සභාවේ හැදුනුම්පත් ඉදිරිපත් කොට ඇත.
ඒ අතර ඔහුව බේරා ගැනීම සදහා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීන් පිරිසක් වත්තල පොලිසියට යවා තිබෙන බවද දැනගන්නට තිබේ.
නීති විරෝධීව පත්වීම දීම මෙන්ම, නීති විරෝධීව පත්වීම් ලබාගැනීමද පාදඩ ක්‍රියාවකි.
දේශබන්දු ජෙසීමා ඉස්මයිල් ලෝකයා ඉදිරියේ පෙනී සිටින මානව හිමිකම් ආරක්ෂකයෙකි.
වැඩි විස්තර පසුව....

No comments:

Post a Comment