Thursday, February 14, 2013

‘තෝරා ‍බේරා’ එල්ලා මරා දැමී‍මේ ඉන්දීය ක්‍රමය ශ්‍රී ලංකාව ආදර්ශයට ගනීවිද?


තෝරා ‍බේරා මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටක් බවට ඉන්දියාව පත්ව ති‍බේ. ‍මෙම ‍තෝරා ‍බේරා මරා දැමීමට ‍මේ වස‍රේ පළමුවැන්නා බවට පත් වූ‍යේ අසාල් ගුරුය.

පෙබරවාරි 09 වන දින තිහාර් බන්ධනාගාර‍යේදී ඉතා රහසිගතව අසාල් ගුරුව එල්ලා මරා දැමු‍වේ, ඔහුට මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව -  ඔහු‍ගේ බිරිදට දරුවන්ට පවා දැනුම් දී‍මෙන් ‍තොරවය. මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට සදහන් ලිපිය -  මරණ දඩුවම ක්‍රියාත්මක කර දින ‍දෙකකට පසුව ලැ‍බෙන්නට සැලැස්වී‍මෙන්ය.

අසාල් ගුරු -  පළතුරු ‍වෙ‍ළෙන්‍‍දෙකි. ඔහු කාශ්මීර නිදහස ‍වෙනු‍වෙන් සටන් කරන සංවිධානයකට අයත් වූ‍වෙක් බව කියැ‍වේ. 2001 දී ඉන්දීය පාර්ලි‍මේන්තුවට එල්ල කළ ප්‍රහාර‍යේ මහා ‍මොළ කරු බවට තීරණය කළ ඉන්දීය ‍පොලීසිය එරට ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත යට‍තේ පිහිටුවා ඇති වි‍ශේෂ අධිකරණයට ඉදිරිපත් ක‍ළේය. ‍මෙම අධිකරණය ඔහුට මරණ දඩුවම නියම ක‍ළේය. දිල්ලි මහාධිකරණයද, එයින් පසු ඉන්දීය ‍ශේර්‍ෂ්ධිකරණයද එම තීන්දුව ස්ථිර කරනු ලැබීය.
2006 ඔක්‍තෝබර් 20, ඔහුව එල්ලා මැරීමට තීරණය විය. නමුත් එම තීරණය අත්හිටවනු ලැබීය. අසාල් ගුරු තමාට ජීවිත දානය ‍දෙන ‍ලෙසට වත්මන් ජනාධිපති ප්‍රතාප් මුකර්ජි ‍ගෙන් ඉල්ලා සිටි‍යේය -   අසාල් ගුරු‍ගේ ඉල්ලීම ඉවත දමනු ලැබීය.

මරණ දඩුවම නියම කරනු‍යේ විනිසුරුවන්ය. ඔවුන් මිනිසුන්ය. ඒ නිසාම ඔවුන්‍‍ගේ තීරණ සැම විටම නිවැරදි වන්‍නේ නැත. ඒ නිසාම මරණ දඩුවම ක්‍රියාත්මක ‍නොකළ යුතුයි. මරණ දඩුවම කිසි‍සේත්ම සාධාරණ දඩුවමක් ‍නොවන්‍නේය. එය ‍මෙ‍ලේච්ච දඩුවමකි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ  කරන්න්‍නො නොකරම බැරි,ඉතාමත් සුවි‍ශේෂ වූ සිද්ධීන්ට අදාලව මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවයි. වෙනත් වචනයකින් - ‘ ‍තෝරා ‍බේරා‘ මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවයි.
අසාල් ගුරු එල්ලා මරා දැමීමද  ‍තෝරා ‍බේරා සිදු කරන ලද්දකි. ‍මෙහි ඉතාමත් ‍මෙ‍ලේච්ච ක්‍රියාව වන්‍නේ  ඥාතීන්ට ‍නොදන්වා රහසිගතව මරා දැමීමයි.
ශ්‍රී ලංකා‍වේ මරණ දඩුවම පවකි. අධිකරණය මරණ දඩුවම නියම කරනු ලබයි. නමුත් 1976 න් පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට කිසිම ජනාධිපතිවර‍යෙක් සිය අත්සන ‍යෙදු‍වේ නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්‍‍තාය.ඇය මරණ දඩුවම නියම වූ පුද්ගලයින්ට පිළිගත් ශිෂ්ඨ ක්‍රමය අනුව නිදහස් වීමට තිබූ අවස්ථාව නැති ක‍ළේය. අදටත් ඒ ආකාර‍යෙන්ම එම නීතිය පවතී.

එ‍හෙත් වත්මන් රාජපක්ෂ ජනාධිපති -  සිය චින්තනය යට‍තේ මරණ දඩුවම නියම වූවන් අතුරින් ‍තෝරා ‍බේරා නිදහස ලබා දීමට පියවර ‍ගෙන තිිබේ. එයට අමතරව නීතිපති මගින් මරණ දඩුවම හිමි අපරාධ සැකකරුවන්ට එ‍රෙහිව පවතින ‍චෝදනා ඉල්ලා අස්කර ගනී.

ඒ අතරම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී. එක් අතකින් ජනමාධ්‍ය උප‍යෝගී කර ‍ගෙන මරණ  දඩුවම ඉල්ලා සිටින පිරිසක් ‍ගොඩ නගා‍ගෙන ඇත. අලු‍ගෝසුවන් ‍දෙ‍දෙ‍නෙකු බදවා ‍ගෙන ඔවුන්ට පුහුණුවක් දීම ආරම්භ කර ති‍බේ.

1956 දී අ‍හෝසි කළ, නැවත 1959 දී ස්ථාපිත කළ මරණ දඩුවම 1976 න් පසුව ‍පොතට සීමාවී ති‍බේ. ‍මෙම තත්වය ‍වෙනස් කර ‍තෝරා ‍බේරා අපරාධකරුවන් නිදහස් කරන ආකාරයටම ‍තෝරා ‍බේරා එල්ලා මැරීම ආරම්භ කිරීමට රාජපක්ෂ ජනාධිපති ‍බො‍හෝ දුරට පියවර ගනු ඇත.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය ‍හෙළා දැකීම හා මරණ දඩුවමට එ‍රෙහිව නැගී සිටීම අවශ්‍ය කාරණයකි.





JANASANSADAYA
81/2, Arthur V. Dias Mawatha
Panadura
Sri Lanka
Tele/Fax:-038 22 35191
E-mail:- manava@sltnet.lk 
www.janasansadaya.org                                          
                                                       

1 comment:

  1. අපේ රටේ මිනිස්සු ඉන්නෙ තවම දේශප්‍රෙම ෆන් එකේ මේක කලත් මුකුත් කියන් නෑ හැබැයි මැරෙන්න වෙන්න විරුද්ධ මත දරන අයට විතරයි.මොනව කළත් කඩේ යන උන්ට මැරෙන්න වෙන්න නෑ

    ReplyDelete