Monday, February 11, 2013

පොල් හොරකමට සැක කළ දැරියගේ අධ්‍යාපන අයිතිය සහතික කළ යුතුය


හොරණ, මේධංකර මහා විද්‍යාලයේ ඉගෙනුමබ ලබන 13 න් හැවිරිදි ශිෂ්‍යාවක් පාසැලේ තීන්ත ගෑමට ගෙන එන්නට යයි කියන ලද රු: 800.00 ය සෙවීමට අසල වත්තකින් රු: 320.00 ක් වටිනා පොල් ගෙඩි 08 ක් ඇහිද ගැනීම බරපතල සොරකමක් ලෙසට හදුන්වා අධිකරණයට ඉදිරපත් කර රු: 50000.00 ක ඇප මත මුදා හැරීමේ ආන්දෝලනයට ලක් කළ පුවත -  මේ දින වල සාකච්ඡාවට භාජනය වේ.

රාජපක්ෂ ජනාධිපතිගේ පවා හද උණූ වූ බව මේ කියන පුවත අදාල නිකුත් කරන ප්‍රකාශ වල - දැරියගේ අධ්‍යාපන අයිතිය ගැන කිසි කතාවක් නොමැත.

දැනටමත් මීට පෙර මුදල් එකතු කොට සොරකම් කළ කේ.ඒ. සෙනවිරත්ත විදුහල්පති හා එයට අනුබල දුන් ගුරුවරුද, එම වංචාවට හවුල් දෙමාපියන් හා ආදි ශිෂ්‍යයන්ද, මේ දැරිය පාසලට අවමානයක් ගෙන දී ඇති බව ප්‍රචාරය කරමින් ඇගේ පාසැල් දිවිය හා ජිවිතය විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

වහාම ඇයට සුරක්ෂිතව පාසැල් අධ්‍යාපනය කරගෙන යෑමට වාතාවරණය සැලසිය යුතු අතර, ඒ සදහා පළමුවෙන්ම මෙම විදුහලේ විදුහල්පති කේ.ඒ. සෙනවිරත්ත ගේ වැඩ තහනම් කළ යුතුය.

ප්‍රධානීන් පාසැලට ගොස් සිද්ධිය ගැන අදාල දැරියගෙන් හා දෙමාපියන්ගෙන් සමාව ගෙන ඇයට ආරක්ෂාව සලසා ඇයට ඉගෙන ගැනීමට සියලු පහසුකම් වාතාවරණය සැලසිය යුතුය. සියලු ගුරුවරුන්ද, සිසුන්වද, දෙමාපියන්වද, ආදි සිසුන්ද දැනුවත් කළ යුතුය. නැතිනම් මේ දැරිය අනාගතයේ රටටම බරක් වනු ඇත.


බලන්න Editors Colum


http://peoplesforumsl.blogspot.hk/p/e-news-letter.html




No comments:

Post a Comment