Saturday, February 23, 2013

මිරිහාන පොලිස් වධකාගාරය” රැඳවියකුගේ අත්දැකීම්


මිරිහාන පොලිසියේ දින 07ක් පුරා නීති විරෝධීව රඳවා තබාගෙනවධහිසසාවටකෘෘර අමානුෂික හා අවමන් සහගත සැලකිලාවලට භාජනයවු 29හැවරිදි වැවැලිකරුවකුවු කසුන් කරුණාරත්නයන්ගේ අත්දැකිම්මානව හිමිකම් පිළිබඳව ජනාධිපතිගේ විශේෂ නියෝජිත වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහමානව හිමිකම් කොමිෂන් සභාව ඇතුලූ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ජාත්‍යන්තර හා දේශිය අත්දැකිම් වල තරම තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත.
මානව හිමිකම් කොමිෂන් සභාවපොලිස්පති හා නීතිපති වෙත කසුන් කරුණාරත්න ඉදිරිපත් කොට තිඛෙන ලිඛිත පැමිල්ලට අනුව:-
2013 පෙබරවාරි 13 දින කඳාන හා මීගමුව අතර අතුරු පාරක තිදෙනෙක් ඔහුට පහර දී ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත් කරගෙන තිබේ. මෙම පිරිස මිරිහාන් පොලිසියේ නිලධාරින් බව පසුව ඔහුට දැන ගන්නට හැකිවිය.
සවස තුනට හෝ ආසන්න වේලාවක තමන්ගේ භාරයට පත් කරගත් මිරිහාන පොලිසියේ නිලධාරින් තිදෙනා ඔහුව මිරිහාන පොලීසයට රැගෙන එනවිට රාත්‍රී දහය පසුවි ඇත. ත්‍රිරෝද රථයක ඔහුව ගෙනවිත් ඇති අතර එම කාලය තුළ ඔහුට නොනවාත්වාම පහරදි තිබේ.
කසුන් කරුණාරත්න මානව හිමිකම් කොමිෂන් සභාවපොලිස්පති හා නීතිපති වෙත ඉදිරිපත් කොට තඛෙන ලිඛිත පැමිල්ලේ මෙසේ සඳහන් වේ. 
------------- මිරිහාන පොලිසියේ මිදුලේදී මට පහර දුන්නා. එයින් පසුව ඇතුලට ගෙනගොස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට මාව ගෙන ගියා. එහි ස්ථානාධිපති නිමල් කරුණාරත්න. මට එහිදී ඛෙල්ලට පහරක් ගසා එළයට ගෙනිච්චා. මාව ස්ථානාධිපති කාර්යාලය ඉදිරියේ ශාලාවේ බිම අනෙක් අය එක්ක බිම දමා දම්වැලක් කකුලට දැම්මා. අත්දෙකේ මාංචු    ගැලෙව්වේ නැහැ. ටික වේලාවකින් එක් අතක මාංචු ගලවා ළඟ සිටි අයගේ අතට තබා දැම්මා. එම ශෘලාවේ මාංචු දමා දම්වැලෙන් ඉබ්බෝ දමා අමුණපු පහළොස් දෙනෙකු පමණ හිටියා.
--------- රාත්‍රීයේ මට මුත්‍රා කරන්න අවශ්‍යයි කිව්වාම මට බැරල් එකක් ළඟට දුන්නා. ------ උදේ කකුලේ දම්වැල් ගලවා එක් අතක මාංචුව ගලවා අනෙක් අතේ මාංචුව එල්ලෙමින් තිබියදීම වැසිකිලියට ගෙන ගියා.
එහිදී මට ෙÞර වහන්න ඉඩ ඉදුන්නේ නැහැ. පසුදින එනම් 2013.01.30 උදේ ආපු ගම්ලත් නැමැති නිලධාරියා මාගේ දුරකථනය අරන් මාව එළියට අරගත්තා.  ඔහු මට කිව්වා අයියාට ගනින් කියා. අයියාගේ දුරකථනය වැඩ කළේ නැහැ.  ඊට පසු ඔහුගේ බිරිඳට කතාකරන්න කිව්වා. එයා කතා කළා. ඇයට ගම්ලත් නිලධාරියා අසභ්‍ය වචනයෙන් බැන වැදුනා. එසේ බනිමන් මල්ලීව ඕනානම් අයියාව එවපන් කිව්වා. ඊට පසු මාගේ අම්මාට කතා කළා. අම්මාටද අසභ්‍ය වචනයෙන් බැන්නා. ඊට පස්සේ මට දුන්නා කතා කරන්න. මම අම්මාට කිව්වා මාව මිරිහාන පොලිසියෙන් ගෙනැල්ලා තියෙන්නේ ජ් අයියාව ඉල්ලනවා. මාව බලන්න එන්න කියා. එකතා කරන අතරගම්ලත් කියන නිලධාරියා මට පහර දුන්නා. එයින් පසුව පහර දෙමින් මාව ඇතුලට ගෙනහින්ස්ථානාධිපති කාර්යාලය ඉදිරිපිට පුටුවක වාඩි කෙරෙව්වා. මාගේ අත් දෙකට මාංචු දැම්මා. කකුලට දම්වැලක් දැම්මා. දම්වැල කකුලට  තියලා ඉබ්ඛෙක් Þලා තිබුණේ. එදම්වැලේම අනෙක් පුටුවේ හිටපු එක්කෙනාවද සම්බන්ධ කළා. ඊට පස්සේ මූට කන්න දෙන්න එපාමූට කෝස් එකක් දෙන්න තියෙනවා කියා අනෙක් නිලධාරීන්ට නියම කළා. දවල් එකට පමණ කෑම දුන්නා. ඊට පස්සේ ගම්ලත් කියන නිලධාරියා ඇවිත් මාව බිම දිගේ ඇදගෙන පිටුපස කාමරයකට ගෙන ගොස් මට පහර දුන්නා. -----  ගම්ලත්ට අමතරව වංශ ජායා˜, නමින් හඳුන්වන නිලධාරියාදගම්ලත් ආකාරයටම  විටින් විට මට වධහිංසා පැමිණෙව්වා. ඔහු කතා කරන්නේම අසභ්‍ය වචනයෙන්”.
මෙම වධහිංසා පැමිණවීම් නිසා කසුන් කරුණාරත්නගේ දකුණු කණ් අඩිය පැළි ඇත. වම් කණටද හානි වී තිබේ. නිරන්තරයෙන් හිසේ කැක්කුමක් හැදෙන අතර  මුහුණේ දැඩි වේදනාවක් ඇති වෙන බවද කියා සිටි.
සටහන:-
මිරිහාන පොලිසිය පවත්වාගෙන යන වධකාගාරය රාජපක්ෂ ආණුඩුවේ පුර්ණ අනුග්‍රහය ඇතිව පවත්ගෙන යන්නකි.

No comments:

Post a Comment