Sunday, February 10, 2013

බුලත්සිංහල පොලිස් වධකයෝ


දවස් නමයක්, 28 හැවිරිදි තරුණයෙකු බුලත්සිංහල පොලීසියේ නීති විරෝධීව රදවා තබා ගෙන වධ දුන්න එහි ස්ථානාධිපති එච්.එම්. ගුණරත්නට හා අපරාධ අංශයේ කුමාරත්නට විරුද්ධව නීතිමය හෝ විනයානුකූල හෝ පියවර ගැනීම පොලිස්පති හා නීතිපති මගහරිමින් සිටී.
බුලත්සිංහල පොලිස් වසමේ අභිරහස් ලෙස මරා දමා තිබූ තරුණියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුවාවෙන් කිහිප දෙනෙකුව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන වධදුන් අතර, මේ දක්වාම එම මරණයට අදාලව තොරතුරක්වත් සොයා ගැනීමට පොලීසිය අසමත් වී ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගත් තරුණයෙකි රැජින කාන්ත. ඔහුව පළමුවෙන්ම 2011.10.13 දින අත්අඩංගුවට ගෙන 18 දක්වාද, දෙවන වරට 2011.11.01 දින අත්අඩංගුවට ගෙන 04 දක්වාද රදවා තබාගෙන වධ දුන්නේය.
මේ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළේය. එම පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව - 2013.01.13 දාතමින් නිකුත් කළ නිර්දේශ‍ෙයන් බුලත්සිංහල පොලීසියේ ඉහත නම් සදහන් නිලධාරීන් රැජින කාන්ත් ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට නිගමනය කර තිබේ.
තවද, වන්දි වශයෙන් එම නිලධාරීන් දෙදෙනාට රු.25000 ක් රැජින කාන්ත් ට ගෙවන ලෙසට නනියම කර ඇත.
එයට අමතරව එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගැනීම සදහා එකී නිර්දේශයේ පිටපත්ද ඔවුන් දෙපලට යවා ඇත.
මේ දක්වාම එම වධකයින් දෙන්නාට විරුද්ධව නීතිමය හෝ විනයානුකූල පියවර ගැනීම පොලිස්පති හා නීතිපති මගහැර තිබේ.
රැජින කාන්ත තමාව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හා වධ දීම සම්බන්ධයෙන් ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසරය ලබාදී ඇති අතර, එම පෙත්සමේ වගඋත්තර කරුවන් වන ඉහත නම් සදහන් පොලිස් නිලධාරීන්ට උත්තර බැදීමට නියම කර ඇත.
මේ වන විට මෙම නිලධාරීන් රැජින කාන්තව හා ඔහුගේ පවුලේ උදවියට හා  සාක්ෂි දීමට ඉදිරිපත් වූවන්ට විවිධ බලපෑම් එල්ල කිරීමට පටන්ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කොමිෂම නිර්දේශයේද සදහනකි.
බුලත්සිංහල පොලීසිය සිදු කරන මෙම අයුතු බලපෑම් නතර කරවන ලෙසට ඔහු පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ.
රැජින කාන්තගේ කථාව -  නරඹන්න
police create suspects # 11108


No comments:

Post a Comment