Wednesday, February 6, 2013

ඥාතියා වෙනුවෙන් උඩුගම පොලීසිය තරුණයෙකුට වධදෙයි. බොරු නඩු දමයි'


23 හැවිරිදි චතුරංග උයද කුමාර, මාපලගම මධ්‍යම පදිංචි කරුවෙකි. 2013.01.27 වන දින - සවස 5.30 ට පමණ ඔහු උඩුගම කැටගොඩ හංදියේ බස් නැවතුම්පලේ සිටින විට ත්‍රී රෝද රථයකින් සිවිල් ඇඳුමින් පැමි‚ උඩුගම පොලීසියේ විජේනායක ඇතුළු හතර දෙනෙකු මොහුට ගහන්න පටන් ගෙන ඇත. හෝස් බටයකින්, පොලුවලින් හා අතින් පහරදී තිබේ.

පොලීසියේදී ඔහුට ස්ථානාධිපති පහරදී කූඩුවට දමා තිබේ. කෙලින් ඉන්න බැරිව බිමට වැටී අමාරුයි කියමින් කෑගසන විට ජීප් රථයෙන් උඩුගම රෝහලට ගෙන ගොස් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබේ. ඔහු වෛද්‍යවරයාට තුවාල පෙන්වා තමාට පොලීසියෙන් ගහපු බව ප්‍රකාශ කර ඇත. නමුත් එගැන සැලකිල්ලක් නොදක්වා ලේ ගලමින් තිබූ දකුණු අතේ වැලමිට අසල, තුනටියේ,වම් කකුලේ දණහිස් හා ඇඟිළිවල තුවාල වලට ඛෙහෙත් දමා තිබේ.  නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියා ලොකු කොලයක් අරගෙන වෛද්‍යවරු ළඟට ගොස් පුරවාගෙන ඇවිත් නැවත පොලීසියට ගෙන ඇවිත් කූඩුවට දමා තිබේ.


පසුවදා එනම් 2013.01.28 දින උදේ 10.00 ට විතර කූඩුවෙන් එළියට අරන්ඟිළි සලකුණු හා ප්‍රකාශයක් ගෙන ත්‍රී රෝද රථයකින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගොස් තිබේ. එහිදී ශරීර ඇප මත මුදාහරිනු ලැබීය.

නිවසට පැමිණි ඔහු එදිනම රත්‍රියේ කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ගිය විට රොහල් ගත කර ඇත. රෝහල් පොලීසියෙන් පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ.


2013.01.27 වන දින දහවල් 11.00 ට පමණ උඩුගම පොලීසියේ විජේනායක ඇතුළු තුන් දෙනෙක් ඔහු  සොයා නිවසට ගොස් මව ගෙන්,  කෝ උඹේ පුතා˜කියා අසා, ඇය මා නැති බව ප්‍රකාශ කළ විට —උඹේ පුතාගේ අතපය හැන්දෑවෙන්න ඉස්සෙල්ලා කඩනවා˜ යනුවෙන් තර්ජනය කර ඇත.

පසුව දැනගන්නට ලැබුන අන්දමට උඩුගම පොලීසියේ විජේනායක ඇතුළු පොලිස් නිලධාරීන් මොහුට පහරදී ඇත්තේ විජේනායකගේ ළඟම ඥාති පුතකු වන පැට්ටා˜ නමැති අයගේ අවශ්‍යතාවයට බව.


ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවූ උඩුගම පොලීසියේ ස්ථානාධිපති හා විජේනායක ඇතුළු නම් නොදන්නා අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට සහ ඔහුට එරෙහිව පවරන ලද ව්‍යාජ චෝදනාව ඉවත් කරවීමට පියවර ගන්නා ලෙසටය.





No comments:

Post a Comment