Wednesday, February 6, 2013

ගැහැණුන්ට සංගීතය “හරාම්” ලු !


කාශ්මීරයේ ෂරියා නීතිය මගින් ගැහැණු ළමුන්ගේ සංගීත කණ්ඩායම තහනම් කර ඇත.

පසුගිය දෙසැම්බරයේ කාශ්මීරයේ සිරිනගාර් හි පැවති සංගීත තරගයෙන් තෙවන තැන දිනාගත් මෙම ගැහැණු ළමුන් තිදෙනාට, එදා පටන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් තර්ජන එල්ලවන්නට පටන් ෙගන තිෙබ්.

කාශ්මීරයේ ෂරියා නීතිය අර්ථ දක්වන්නාවු, මව්ලිවරයා විසින් මෙම සංගීත කණ්ඩායම ඉස්ලාම් දහමට පටහැනි බව තීන්දු කළේය. ඔවුන්ගේ භාෂාවෙන් සංගීතය හරාම් ය.

මෙම කණ්ඩායමේ ගිටාර් වාදක අනිකා කහලිඩ් මාධ්‍යයට කියා සිටියේ, ඉස්ලාම් නීති ප්‍රකාශකට ගරු කරමින් තම සංගීත කණ්ඩායම විසුරුවා හැරීමට තීරණය කරන ලද බවයි.

ඉස්ලාමීය අන්තවාදීන් ලොව බොහෝ ප්‍රදේශවල ආගමේ නාමයෙන් ජන ජීවිතයට තර්ජන එල්ල කරමින්, විශේෂයෙන් ස්ත්‍රීන් මර්දනය කිරීමට පෙළගැසී තිබේ.






(හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඇසුරිණි)






No comments:

Post a Comment