Tuesday, February 26, 2013

කැකුලා රත්නායක දැයෙන් සමු ගනී


කැකුලා රත්නායක ආදිවාසියෙකි. දඹානට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සිත් දිනාගෙන සිටි කැකුලාට -  ඔවුන්ගෙන් තෑගි බෝග ලැබිණ. යුරෝපීය කතුන් කිහිප දෙනෙක් ඔහුට මුදල් එවීමටද පුරුදුව සිටියේය.
කැකුලාට සිංහල මෙන්ම ඉංග්‍රීසිද පුලුවන්ය. එහෙත් ඔහු කිසිදු අවස්ථාවක සිංහල හෝ ඉංග්‍රීසි කතා කරන්නට පෙලඹුනේ නැත.
ෙමම කතුන් ලිපි සමග එවන ඩොලර් නෝට්ටු දඹාන උප තැපැල් කාර්යාලයේ ලියුම්කරු සොරකම් කරන්නට පටන් ගත්තේය.
කැකුලා පොලීසියට ගියේය. සිද්ධිය පුවත්පත් වලද වාර්තා විය. මහියංගනය පොලීසිය සමග එක්වූ -  ලියුම්කරු, කැකුලාට අඩම්තේට්ටම් කරන්නට පටන් ගන්නා ලදි.
ලියුම්කරු පොලීසිය හා එක්ව, කැකුලාට විරුද්ධව බොරු පැමිණිලි දැම්මේය. කැකුලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. එහිද නඩුව විසදුනේ පුදුම ආකාරයට බව කියැවේ. එවකට හිටපු අගවිනිසුරු සරත් සිල්වා -  ප්‍රශ්ණය ගැන සොයා බලා වාර්තාවක් සපයන්නට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ව මහියංගනයට යැවූ බව සදහන් වේ.
කැකුලාට විරුද්ධව බොරු නඩුවක් ගොනු කළේය. මෙම නඩුවට කැකුලා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයින් -  ඇත්ත වශයෙන් පෙනී සිටින්නේ පොලීසියට බව ඔහුට තේරුම් ගන්නට වැඩි කළක් ගත නොවීය. මහියංගනය බාර් ඒෙක් නීතිඥයින් බහුතරය පොලීසිය සමග පවත්වන සහසම්බන්ධය ඔහු වටහා ගෙන තිබින. 
කැකුලා රත්නායක, ජනසංසදයට එන්නේ මේ අවස්ථාවේය. තම නීතිඥයින් වෙනස් කළ යුතු බව ප්‍රකාශ කළ කැකුලා, පොලීසියේ නීති විරෝධී ක්‍රියාව අභියෝගයට ලක් කළ යුතු බව තරයේ කියා සිටියේය.
කැකුලා වෙනුවෙන් නීතිඥ ජානක අමරසිංහ මහතා ඉදිරිපත් විය.
2003.12.26 දින මහියංගනය පොලීසියට මංගච්චන කැකුලා පොලිස් හූරන් එක්ක කථා කළේ වැදි බසිනි. වැදි බස නොතේරෙන පොලිස් හූරන්ට කැතුලා මහත් හිස රදයක් වින. එ‍ලොව පොල් පෙනින. පොලිස් හූරන්ට කරන්න පුලුවන් එකම දෙය කළේය. කැකුලාව අත්අඩංගුවට ගෙන බොරු නඩුවක් දැම්මේය. එහි අංකය 19989 වේ. චෝදනාව වූයේ ආනන්ද ඒකනායක (ලියුම්කරු) ට පොලීසිය තුලදී, කෙටේරියෙන් පහර දීමට තැත් කර බිය ගැන්වීමය. නිගා කිරිමය. ෙචාදනා  කෙරුනේ ල.ද.නී.ස. 484 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි  වරදක් කළ බවයි.
කැකුලා නඩු කිව්වේය. කැකුලා නඩුවෙන් දිනුවේය. 2006.07.11 දින, වසර තුනකට පසුව  - ඔහුව මහියංගනය මහේස්ත්‍රාත්, නිදොස් කොට නිදහස් කළේය.
ඔහු මේ කාලය තුල කොළඹ පැවැත්වූ වධහිංසාවට එරෙහි උද්ඝෝෂණ වලට -  සමුලු වලට එක් විය.
2006 දී -  යුක්තිය උදෙසා ජනතා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවේය.
පසු දිනක ලියුම්කරුගෙන්, හිසට එල්ලවූ දරුණු ප්‍රහාරයකින් පසුව, කැකුලාගේ මානසික තත්වය දැඩි ලෙස දුර්වල විය.
පසුගියදා දඹානේදී, කැකුලා ජීවිතක්ෂයට පත් විය. ඔහුව යටකරගෙන ගිය වාහනය හදුනා ගැනීමට නොහැකිව බව ප්‍රකාශ ෙව්.
මෙය තවත් සොයා ගැනීමට නොහැකි, සී 01 ලෙසට නම් කර බහා තබන ලද අපරාධ වලට එකතු කරනු ඇත.
කැකුලා ඇතුලු, යුක්තිය උදෙසා පොලීසියට එරෙහිව නැගී සිටින ආදිවාසීන් තවත් ඇත. ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ අපට තිබේ.
සටහන
පොලිස් නීති විරෝධී ක්‍රියා හා වධහිංසාව වෙන් කළ නොහැක. මේ නඩුව හා වර්තාව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.

No comments:

Post a Comment