Wednesday, February 20, 2013

මාතලේ සමූහ මිනී වල - වගකීම හා වගවීම


මේ වන විට, මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් භූමියේ හමුවී තිබෙන සමූහ මිනීවලෙන් ගොඩ ගෙන තිබෙන මිනිස් ඇට සැකිලි ප්‍රමාණය එකසිය පනහකි.

මෙය සාමාන්‍ය සොහොන් බිමක් හෝ ගැබක් හෝ නොවන බව සහතිකය. මළ සිරුරු විසිරුවා හැර තිබූ ආකාරය, ඒවායේ තුවාල පැහැදිලිවම කියාපාන්ෙන්, මරා වලදමන ලද ඒවා බවය.

මෙම සිරුරු කුමන කාලයකට අයත්ද යන්න තවමත් සනාථ කර නැත.

නමුත් විශේෂඥවරුන්ගේ මතය - ප්‍රකාශයට පත්කරනොමැතිවුවද, බොහෝ පැරණි ඒවා විය නොහැක. අනුමාන කරන්නේ අසූ අට අනූ නවය කාල පරිච්ජේදයේ ඒවා බවයි.

මෙම සමූහ මිනීවල හා අදාල පර්යේෂණ කටයුතු විද්‍යානුකූලව හා නීත්‍යානුකූලව සිදු කෙරෙමින් පවතී. එය ප්‍රසංශනීයයි.

මේ වන විට මෙම සමූහ මිනීවල පිළිබදව දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දී තිබේ.

මාතලේ සමූහ මිනීවල 1971 හෝ ඊට පසුව 1988 – 90 කාල පරිච්ජේදයේ අතුරුදහන් කරවූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට ප්‍රබල අවියකි.මෙවන් සමූහ මිනීවලක් උතුරේ හමුවූවානම් මේ වන විට සමස්ථ ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවට ගොඩබැස හමාරය.

ප්‍රකාශන, සම්මන්ත්‍රණ, දේශණ, විදේශ චරිකා හා ඉදිරිපත්වීම් වල කෙලවරක් දකින්නට නොලැබෙනු ඇත.

එෙස් ෙනාවීමට  හේතුවක් තිබේ. මේ සමූහ මිනීවලේ සිටින්නන්ගේ අතිබහුතරය සිංහලයන්ය. බෞද්ධයන්ය.

සිංහල බෞද්ධයින්, භික්ෂූන්, දේශපාලකයින්, සිවිල් සමාජය - බහුතරය රාජ්‍ය ත්‍රස්තවාදයේ අනුගාමිකයින්ය. මොවුන් - ඝාතනය කිරීම්වලට, අත්අඩගුවට ගත් නිරායුධ තරුණයින් ඝාතනය කිරීම ගැන සංවේදී නැත. ආශිර්වාද කරන්නේ ඝාතකයින්ටය. ෙමාවුන් වධදි මරා දැම්ෙම් සිංහල ෙබෟද්ධ ත්‍රිවිධ හමුදාව හා ෙපාලීසියයි.
1989 – 90 අතුරුදහන් කරවීම් පිළිබද කොමිෂම පත් කළේය. එම කොමිෂම්වල වාර්තා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රකාශයට පත් කිරීම තහනම් කළේය.

එය කළේ ඇය බලයට පත්වූයේ මළ කදන් විකුණා, මිනීවලවල් හරහා බව අමතක කොටය.

1988-90 ඝාතන, අතුරුදහන් කරවීම් පිළිබදව - විධිමත් පරීක්ෂණ පැවැත්වීමට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බලපෑම් ගොඩනැගීමට -හුදෙක් සටන් පාඨ හා පුවත්පත් සාකච්ජා වලින් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක් අවශ්‍යය. මාතලේ සමූහ මිනීවල එහි කේන්ද්‍රය වේ. මෙහිදී විශේෂයෙන් - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක විසින් තහනම් කල - අතුරුදහන් කිරීම් කොමිෂන් සභාවේ වාර්තා එලිදැක්වීම හා එම කොමිෂන් සභාවලට ඉදිරිපත්වූ සාක්ෂි එලිදරව් කිරීමට - එම ඝාතන වලට වගකිවයුත්තන් නම් කිරීමට පියවර ගත යුතුය.
එමෙන්ම මාතලේ සමූහ මිනීවල හා අදාල පරීක්ෂණ කටයුතු නීත්‍යානුකූලව හා පර්යේෂණ කටයුතු විද්‍යානුකූලව කිරීමට දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගේඅවධානය හා සහයෝගය හා සංවේදීතාවය නොපමාව ලබාදීමට පියවර ගත යුතුය.

ෙම් රෙට් රජය, අාණ්ඩුව කිසිදාවත් සත්‍ය පිළි ගන්ෙන් නැත.  1971දි හා 1988 – 90 කාල පරිෙච්දෙය් දකුෙණ් මිනිස් ඝාතන වලට, ස්ත්‍රි දුෂණ වලට, වධ දීම් වලට අනුබල දුන් අාණුඩුව උතුෙර් හා නැෙගනහිර සිදුවීම් යුක්ති සහගත ෙනාකර සිටින්ෙන් ෙකෙස්ද?
මාතෙල් සමුහ මීනිවල - අල් ජසිරා වාර්ථාව



No comments:

Post a Comment