Monday, February 18, 2013

පානදුර දකුණ පොලිසියේ නයනජිත් මට පහ දුන්නා, බොරු නඩු දැම්මා


කුඹුරු වැඩට ගොස් ගෙදර එමින් සිටියදී පානදුර පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාව අත්අඩංගුවට ගෙන - කුරුදු වත්තකට ගෙන ගොස් දගර, අරක්කු හා බැරල් ඉල්ලා පහරදුන් බව විසි නව හැවිරිදි හොරණ, ලසන්ත චාමර ප්‍රකාශ කර සිටී.
තමාව අත්අඩංගුවට ගෙන බිම දිගා කොට කුරුදු පොලුවලින් පහර දුන්නේ පානදුර දකුණ පොලිසියේ අනෙකුත් නිලධාරීන්ද හවුල් කරගෙන නයනජිත් නැමැති නිලධාරියා බව ඔහු තවදුරටත් කියා සිටී.
එයින් අනතුරුව ඔහුට බෝම්බ දමන බවට තර්ජණය කොට, හොරණ පොලිසියට ගෙනගොස් එහි පොත්වල සටහන් යොදා - හොරණ පොලිසිය බාරයට පත්කර ඇත.
හොරණ පොලිසිය ඔහුව ඇප මත මුදාහැර තිබේ. පහරදීම් වලින් තුවාල ලැබූ ඔහු හොරණ රජයේ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන ඇත.
කුඹුරු වැඩ අවසන් කොට - ගෙදර ගොස් බීමට කසිප්පු පැකට් දෙකක්ද සාක්කුවේ දාගෙන සිටි ලසන්ත චාමරට පානදුර දකුණ පොලිසියේ නයනජිත් නැමැති නිලධාරියා ගෝඩා ග්‍රෑම් 1650ක් ලග තබාගත්තාය යන ව්‍යාජ චෝදනාව නගා ඇති බවද ඔහු කියා සිටී.
පානදුර දකුණ පොලිසිය මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබදව - මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment