Friday, February 15, 2013

මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට මානව හිමිකම් කොමිෂන් සභාවත් වගකිව යුතුයි.


නිදහස් දිනට පෙරදා - පෙබරවාරි 03 රාත්‍රියේ, එගොඩ උයන සුනන්දෝපානන්ද විහාරස්ථානයේ අධිපති - මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ව සාහසිකයන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබීය.

මෙම ඝාතනයට ශී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද වගකිවයුතු බව අවධාරණයෙන් හා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

එදින - 2013.02.03 දින සවස දෙවරක්ම මොරටුව පොලිසියට තමන්ට තර්ජන ඇති බවට පැමිණිලි කර තිබියදීත්, රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් එවක පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක හා උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුගේ වැඩඩ මේවනවිට තහනම් කර ඇත.

මෙම හිමිනම, 2012 දෙසැම්බර් මස 22 වන දින, තමන් විසින් මොරටුව පොලිසියට කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් පියවර නොගන්නා බවට - පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාවට කළේය. එම පැමිණිල්ල HRC/3840/2012 යටතේ ලියාපදිංචි කරන ලදි.

මෙම ගොනුව බාරවූ විමර්ශන නිලධාරී කළේ - එකී පැමිණිල්ල විමර්ශනය නොකර මොරටුව පොලිසියෙන් පැමිණිල්ල අදාළ වාර්තාවක් ගෙන්වා ගැනීමයි.

එම වාර්තාව පදනම් කරගෙන - කිසිදු විමර්ශණයක් නොකර මූලික අයිතිවාසිකම් කඩවී නැති බවට නිගමනය කොට ගොනුව වසා ඉවත දැමීමට පියවර ගත්තේය.

මානව හිමිකම් කොමිෂන් සභාව එම අවස්ථාවේ විමර්ෂනය සිදුකොට නිසි පියවර ගනු ලැබුවේ නම් මොරටුව පොලිසියට හිමි කම ගේ පැමිණිලි සම්බන්ධයෙන් පියවර නොගෙන සිටිමට බැරි වන්නේය. එබැවින් පොලීසියේ ඔනෑ එපාකම් වලට ක්‍රියා කල නිලධාරින් හා කොමසාරිස්වරැ කව්රැන්ද යයි වහා හෙලි කොට ඔවුන්ට විරැද්ධව පියවර නොගන්නේ නම් එයින් පැහැදිලි වන්නේ වත්දන් සභාපති ඇතුලු කොමසාරිස්වරු පොලිසිය රකින්නන් බවයි.

මෙහිදී හිමි නම ඝාතනයේ සැකරුවන් ගෙසට අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා මරා දැමිම සම්බන්ධයෙන් විමර්ශණය කල යුතුව ඇති නමුත්, එම කාර්යයද මානව හිමිකම් කොමිෂම  මහ හැර ඇති බව ප්‍රකාශ කරමු.



ජනසංසදය 

No comments:

Post a Comment