Tuesday, February 12, 2013

‘‘වේලය“ පිටු පස

‘ෂියා‘ නමින් හදුන්වන ඉස්ලාමීය නිකායේ ආගමික ඉගැන්වීම් වලට අනුව - රට පාලනය කරන - ඉරානයේ ගැහැනුන්ගේ තත්වය පැහැදිලි කරන්නක්.

මෙම රටේ නීතියට ‘ෂියා‘ ඉස්ලාමීය නීතිය - අනුව ගණිකා වෘත්තිය තහනම්ය. දඩුවම ගල් ගසා මරා දැමීමයි.

මුල්ලා වරුන් මගින් පවත්වගෙන යන පාලනය යටතේ ඕනෑම විවාහක පිරිමියෙකුට තවත් ගැහැණියක්, තරැණියක් හෝ වැන්දඹුවක් හෝ මාස දෙකකට වැඩි කාලයක් ස්වාමියාගෙන් වෙන්වූ, හෝ ඇය ඉල්ලා සිටින මුදල ලබා දී තාවකාලික ‘අඹුකමට‘ තියා ගන්නට පුලුවන.

මෙම මුදල් දී ‘අඹුකමට‘ තබා ගන්නා කාල දවස් විය හැකියි. සතියක්, මාසයක්, අවුරුද්දක් විය හැකියි. අවශ්‍ය වන්නේ මුල්ලා කෙනෙකු ඉදිරියට ගොස් කුරානයේ පාඨයක් කියවීම පමණයි. අවුරුදු 9 ට වැඩි ඕනෑම ගැහැණු ළමයෙකු විවිහ කර ගැනීමට, තාවකාලික අඹු කමට ගැනීමට ‘ෂියා‘ නීතියෙන් ඉඩදී ඇත.

මනුෂ්‍යයින් විසින් ඉතා දිගු කලක් අරගල කොට දිනා ගන්නා ලද නිදහස ආගමික අන්තවාදීන් විසින් එල්ලා මරා දැමීමට පෙරමුණ ගෙන සිටී. මෙහි පථම ඉලක්කය ගැහැණුන්ය. සටන්පාඨ දෙවියන්ය. යල් පැන ගිය ආගමික සාස්තෘවරුන්ගේ පාඨයන්ය.

මෙම වාර්තා චිතපටය බලන්න. සිතන්න. අපටද ඉගෙන ගන්න පාඩමක් මෙහි තියෙනවා නේද? නිගමනය ඔබ සතුයි.

Prostitution Behind the Veil.




No comments:

Post a Comment