Thursday, February 14, 2013

ගිහින් ආණ්ඩුවට කියාපන්.... බුලත්සිංහල පොලීසිය අණ කරයි


බුලත්සිංහල අමර ගෙදර පාරම්පරික කිතුල් නිෂ්පාදන කරුවෙක් වූ ප්‍රේමරත්න මහතාට අයත් කිතුල් රා බෝතල් 22 ක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රෙල්ඛයක් ඉදිරිපත් කළ විට බුලත්සිංහල පොලීසිය ඔහුට ප්‍රකාශ කළේ -   “ උඹලාට බලපත්‍ර දෙනවා -  අපිට අල්ලන්න කියනවා‘‘ ගිහින් ආණ්ඩුවට කියාපන් ” කියාය.

වරක් ඔහුගේ කිතුල් රා අල්ලාගෙන ‘‘ සීනි කරිඤ්ඤන් ‘‘ -  නිපද වූ බවට ව්‍යාජ චෝදනා නගා නඩුවක් පැවරුවේය. ඔහු අධිකරණයේදි නිවරැදි කරු බව ප්‍රකාශ කළේය. එයින් පසුව ඔවුන් ඔහු නිපද වූ කිතුල් රා -  බෝතල් 22 ක් රැගෙන ගොස් බෝතල් 32 කට නඩු පැවරුවේය.

කිතුල් හා තල් ගස් මැදීම සදහා බලපත්‍ර ලබා ගැනීම අහෝසි කරමින්, සුරා බදු ආඥා පනත සංශෝධනය කළේය. ඒ 2011 වසරේදීය.

නමුත් මෙම බලපත්‍ර අහෝසිය පොලීසිය ගණන් ගන්නේ නැත. අල්ලස් නොදෙන, නඩු නොදෙන කිතුල් රා නිෂ්පාදකයින්ට නඩු පවරන බුලත්සිංහල පොලීසියට එරෙහිව පියවර ගන්නා ලෙසට හා කිතුල් රා නිෂ්පාදනය පිළිබද නීති සංශෝධනය පිළිබදව පැහැදිලි කරන ලෙසට ප්‍රේමරත්න මහතා, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලා ඇත.

No comments:

Post a Comment