Monday, February 18, 2013

ඉරානයේ බුදුන්ට දොර වැසේ !

වාර්තාවන අන්දමට ඉරානයේ ටෙහෙරාන් වල කඩ සාප්පු වල ඇති බුද්ද ප්‍රතිමා තහනමට ගැනීමට එරට බලදාරීන් පියවර ගෙන තිබේ. ඒ බුදුදහම ප්‍රවර්දනය කිරීම නතර කිරීමටයි. මේ පිලිබදව වාර්තා වුයේ දිනපතා පලවන අර්මන් ඩේලි පුවත්පතේය. මෙතෙක් කල් ඉස්ලාම් ජනරජය විරුද්දවුයේ බටහිර බලපෑම ඇති කරන උපකරණ සම්බන්දයෙන් පමණක් වන අතර දැන් පළමු වරට නැගෙනහිර සංකේත වලටද විරෝදතා දැක්වීමට පටන් ගෙන ඇත. මේ දේවල් සිදුකරන්නේ ඉස්ලාම් උරුමය ආරක්ෂා කිරීමට වන අතර ඔවුන් බුද්ද ප්‍රතිමා දකින්නේ සංස්කෘතික ආක්‍රමණයක් සිදුකරන සංකේත හැටියටයි. සමහර ඉරාන ජාතිකයින් බුද්ද ප්‍රතිමා ගන්නේ ඔවුන්ගේ නිවාස සහ මෝටර් රථ අලංකාරයට වන අතර ඒවායින් බහුතරය චීනයේ සහ ගල්ෆ් කලාපයේ ඉරාන නිදහස් වෙළද කලාප වල නිෂ්පාදිත ඒවා වේ. ඉරාන නීතියට අනුව මුස්ලිම් නොවන පිරිස් වල අයිතීන් පිළිගත යුතුව තිබේ. එහි ඉස්ලාම් රාජ්‍ය ආගම වන අතර ඉරාන විවස්ථාවෙන් ඒ හා සමානව ක්‍රිස්තියානි, යුදෙවු විශ්වාසයන් සොරෝස්ට්‍රෙනිස්ම් ද පිළිගනු ලැබේ. 


                                                                                                                      හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment