Thursday, February 21, 2013

නීති විරෝධී වාහන එකලස් කිරීම! අයිතිකරු පැත්තක. සේවකයින්ට වධදි නඩු පවරයි.


පානදුර, එලුවිල ප්‍රදේශයේ පවත්වාගෙන යන වාහන අමතර කොටස් වෙළ සැලක් වැටලූ - කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, පොලිස් විශේෂකාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරින් - එම වෙලසැලේ වාහන අමතර කොටස් තොගයක් සමග එහි සෙල්වම් නැමති සේවකයාව අල්ලාගෙන ඔහුට වධදී එයින් අනතුරැව  අසල නිවසක වයරින් කිරීමට පැමිණ සිටි කසුන් නැමති තරැණයාවද  අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ.

මෙසේ නඩු පවරා ඇත්තේ - වාහන අමතර කොටස් වෙලද සැලේ අයිතිකරුව අත්අඩංගුවට ගැනිමට හෝ නඩු පැවරිම හෝ පසෙකට දමාය.  ඔටෝ විෂන් එන්ට්‍රප්‍රයිසස් නැමැති එම වෙල සැලේ සහයකයකු වශයෙන් කටයුතු කරන සෙල්වම් නැමැති 21 හැවිරිදි තරුණයා - මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කරමින් කියා සිටින්නේ - ජනවාරි 18 සිවිල් ඇදුමින් පැමිණි 08කු, තමාට කුණූහරපයෙන් බැනවදිමින්, පහර දෙමින්, වෙලදසැලේ වාහන කොටස් එක්තැන් කරවූ බවයි. එම කොටස් එකලස් කිරීමට එම පොලිස් පිරිස පසුව කාර්මිකයින් දෙදෙනෙක්ද කැදවාගෙන විත් තිබේ.

පස්වරු 1.00ට පමණ පටන්ගත් මේ ක්‍රියාව අවසන් වන විට පසුදින අලුයම 3.00 පමණ වූ බව ඔවුන් කියා සිටී. වෙලදසැලේ එකතු කල වාහන කොටස් පසුව පානදුර දකුණ පොලිසියට ගෙනවිත් බාරදී තිබේ.

පානදුර පොලිසියේදී දෙදෙනා ගෙන් ප්‍රකාශ ගෙන පානදුර පොලිසියට බාරදී තිබේ. පානදුර පොලිසිය ඔවුන් දෙන්නාව වැඩ බලන මහේස්ත්‍රාත් හමුවට පත්කිරීමෙන් පසුව - ඇප මත මුදා හරිනු ලැබූ බවද, වැඩි දුරටත් ප්‍රකාශ කරසිටී. මුදාහැරීමෙන් පසුව සෙල්වන් පානදුර මූලික රෝහලට ඇතුලත්වී ප්‍රතිකාර ගෙන ඇත.

මෙසේ ඔහුට පහරදී, කසුන් සමග අත්අඩංගුවට ,වෙලද සැලේ වාහන අමතර කොටස් සමග අධිකරණයට ඉදිරිපත් කිරීමට මූලික වී ඇත්තේ කොළඹ 07, බවුද්ධාලෝක මාවතේ විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ ස්ථානාධීපති පොලිස් පරීක්ෂක නදික සිල්වා බව හදුනාගෙන ඇත.

තමන්ට වධහිංසා පැමිණවූ හා බොරු නඩුවකට පටැලවූ එම නිලධාරියාට හා ඔහුට හවුල්වූ අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට - සෙල්වම් හා කසුන් මානව හිමිකම් කොමිෂමෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment