Monday, February 4, 2013

පසුවිපරම - LAND MARK Case 01. Case of ChandresenaSC (FR) Application No. 258/2007



අගලවත්ත, කෙලින්කන්ද, කෙලින්කන්ද ජනපදයේ - යූ.එ.චන්ද්‍රසේන එරෙහිව බදුරලිය පොලිසිය  SC/FR 258/2007 මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව:-            
පොලිස් නිලධාරීන් සිදු කරන අපරාධ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වගකීමෙන් බැහැර විය නොහැකි බව සහ අපරාධය කල පොලිස් නිලධාරීන් පුද්ගලිකව හඳුනා ගැනීමට නොහැකිවීම මගින් අපරාධය පොලිසිය විසින් සිදු නොකල බව නිගමනය වන්නේ නැති බව - ප්‍රකාශ වූවකි.
මෙම නඩුවේදී - තමාට පහරදුන් නිලධාරීන් හඳුනාගෙන නිවැරදිව නම් කිරීමට චන්ද්‍රසේන සමත්වූයේ නැත.
උඩුව අතුකෝරලගේ චන්ද්‍රසේනට මවක්, පියෙක් නැත. ඔහු දන්නේ ඉතා කුඩා කල සිට කෙලින්කන්ද ජනපදයේ හැදී වැඩී උස් මහත්වූ වගයි. ඔහුට උප්පැන්න සහතිකයක් නැත. සිද්ධිය වන අවස්ථාවේ අනුමාන වයස අවු: 40කි. ජාතික හැඳුනුම්පතක් නැත. ජන්ද නාම ලේඛනය හෝ වෙනත් අවශ්‍ය ලේඛනයක ඔහුගේ නම නැත. කන අත්සන ගසන ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙකි.
කුලී වැඩකර ජීවිතය ගැට ගසාගන්නා චන්ද්‍රසේන හවසට නීති විරෝධීව නිපදවන ලද ලාභ මත්පැන් පානය කරන්නේ විඩාව නිවාගෙන සුව නින්දකට වැටෙන්නටය.
2007 ජූනි 27 ගමේ මළ ගෙදරක කටයුතුවලට එක්වී, ගෙදර එන විට, ගමේ දෙදෙනෙකු සමග සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් හතර දෙනෙක්චන්ද්‍රසේනව නවත්වා කසිප්පු ඉල්ලා සිටියේය. චන්ද්‍රසේන තමා කසිප්පු විකුණන්නේ නැති බව ඔවුන්ට ප්‍රකාශ කලා. එවන් පිළිතුරු තම අභිමානයට එල්ලකරන ලද පහරක් ලෙසට පිළිගන්නා ශ්‍රී ලංකාවේ පොලිස් කාරයින් සුපුරුදු වධක මානසික තත්වයෙන් චන්්‍රසේනට පිළිතුරු දුන්නා
දැඩි ලෙස තුවාලවූ චන්ද්‍රසේන - නාගොඩ මහා රෝහලට ඇතුලූ කලා. නමුත් ඔහුට ප්‍රතිකාර ලැබුනේ නැහැ. නීතියට පටහැනිව යමින් අධිකරණ වෛද්‍යවරයාට පවා ඉදිරිපත් නොකර පසුදින ඔහුව රෝහලෙන් පිටකලා. ඔහු එයින් අධෛර්යට පත්නොවී - ගාල්ල, කරාපිටියට ගියා.
ඔහු තම මූලික අයිතීන් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රෙAAඨාධිකරණයට ගියා. එහි තීන්දුවට අනුව - තුන් මසක් ඇතුලත, රු: 75,000/}ක වන්දි මුදලක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කර තිබින.
මාස තුන අවසානයේ - වන්දි මුදල ලබාගැනීමට ශ්‍රෙAAඨාධිකරණයට ගිය චන්ද්‍රසේනට ලැබුන පිළිතුර වූයේ - පොලිස්පති එම මුදල් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙවා නැති බව.
චන්ද්‍රසේන එ පිළිබඳව - එවක පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මයාගේ නමටම ලිඛිතව දැනුම් දුන්නා.
පොලිස්පතිවරයාගේ පිළිතුර වූයේ - තමා එම මුදල් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙවා ඇති බවයි.
චන්ද්‍රසේන එම පිළිතුර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නමුත් ශ්‍රෙAAඨාධිකරණයේ පිළිතුර වූයේ පොලිස්පති ගෙවා නැති බව.
චන්ද්‍රසේන පොලිස්පතිට, ශ්‍රේෂ්ඨාධිකරණයට දිගටම ලිව්වා. එ අතර ඔහු අධිකරණ සේවා කොමිෂමටද ලිව්වා. එවකට සිටි අධිකරණ සේවා ලේකම් ප්‍රියන්ත ද සිල්වාගෙන් කදිම පිළිතුරක් චන්ද්‍රසේනට ලැබුනා. එ නිසි අධිකරණය වෙත ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසටයි. චන්ද්‍රසේන ඔහු සඳහන් කරන නිසි අධිකරණය කුමක්දැයි දන්වන ලෙසට පිළිතුරු ලිපියක් යවමින් ඉල්ලා සිටියා.
චන්ද්‍රසේන ශ්‍රේෂ්ඨාධිකරණයට, පොලිස්පතිට, අධිකරණසේවා කොමිෂමට ලියන ලද්දේ තම අයිතිය තහවුරු කරන ලෙසට. එම ඉල්ලීම් ආයාචන˜, —වැඳවැටීම්˜, —සානුකම්පිත˜, —ගරු˜ —අසරණ˜යන වචන වලින් බැහැරවූ - ගණුදෙනුවක් පිළිබඳව , ගරුත්වයක් ඇතිව ලියන ලද එAවා විය.
මෙම ලිපි ගණුදෙනුව  පොලිස්පති හා ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණ සේවා කොමිෂම  හා ශ්‍රේෂ්ඨාධිකරණය අතර ගණුදෙනුවක් බවට පත්වුනා.
අවසානයේ - චන්ද්‍රසේනට හිමිවූ රු: 75,000/ වන්දියට අදාල චෙක්පත ඔහු කැඳවා බාරදීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පියවර ගත්තා.
රෝහලෙන් පිටමං කිරීම
ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  කළ නියෝගයට අනුව චන්ද්‍රසේනගේ ඇඳ ඉහපත - රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම ඇඳ ඉහපතට අනුව - තමාට පොලිස් නිලධාරීන් පහරදුන් බව චන්ද්‍රසේන රෝහලේදී ප්‍රකාශ කර ඇත. තමා දැඩි වේදනාවෙන් පසුවන බවද ඔහු පවසා ඇත. පොලූවලින් පහරදුන් බවද පවසා ඇත. තැලූම් තුවාල සලකුණු කොට තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලෙසටද නියම කර තිබේ.
කරුණු එසේ තිබියදී - නාගොඩ මහ රෝහල චන්ද්‍රසේනව පිටමං කිරීම පිළිබඳව අදවත් පරීක්ෂණයක් පවත්වා නැති බව ප්‍රකාශ කල යුතුයි.
ෙබාරු නඩු දැමීම
බදුරලිය පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය අනුගමනය කරන පිළිගත් පිළිවෙත ක්‍රියාත්මක කරමින්, නීති විරෝධී මත්පැන් නිපදවීමට ගන්නා ගෝඩා ග්‍රෑම් 1920ක් ලඟ තබා ගැනීම යටතේ නඩු පවරන ලදි. මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේදී එම චෝදනා පිළිනොගන්නා බව ප්‍රකාශ කල චන්ද්‍රසේන, තමාට පහරදීම පිළිබඳව අධිකරණයේ ප්‍රකාශ කළේ - තුවාලද පෙන්වා සිටිමින්ය. නමුත් එම කරුණු නඩු වාර්තාවේ අන්තරගතව නොමැති බවද මෙහිදී සඳහන් කල යුතුය.
චන්ද්‍රසේනව රු: 20,000/}ක ශරීර ඇප මත මුÞහරින ලදි. නඩු අංකය 15683 වේ. වාර්තා වන අන්දමට මෙම නඩුව නො ඩේට් කර ඇත.
තර්ජන ගර්ජන
මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබීමත් සමග - අන් සියලූ දෙනාට මෙන්ම චන්ද්‍රසේනට බලපෑම් එල්ල කිරීමට බදුරලිය පොලිසිය පසුබට වූයේ නැත. ඔහුට විරුද්ධව බෝම්බ, කුඩු දමන  බවට නිරන්තරයෙන් තර්ජණය කළෙAය. නිරන්තරයෙන් ඔහුව හමුවීමට පොලිස් නිලධාරීන් පැමියේය.
 සෑම අවස්ථාවකම - චන්ද්‍රසේන ලිඛිතව අදාල සියලූ ආයතන වලට පැමිණිලි කළේය. එම පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ කරන්නට පැවරුවේ බදුරලිය පොලිසිය බාර මතුගම සහකාර පොලිස් අධිකාරීවරයාටය. ඔහු පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙසට නිකුත් කරන ලද පොලිස් පණිවුඩ කිසිවක් කලට වේලාවට නොලැඛෙන්නට බදුරලිය පොලිසිය වග බලා ගත්තේය.
මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාශය කියා සිටියේ - පරීක්ෂණවලට චන්ද්‍රසේන නොපැමිණෙන හෙයින්    ඔහු නගන චෝදනා පිළිගැනීමට නොහැකි බවයි.
බල ගැන්වීම
බලපෑම් වලට යට නොවී, පොලිසියට එරෙහිව නැගී සිටින්නට චන්ද්‍රසේනට හැකිවූයේ, ඔහු භිය නැති, නූගත්වූවත් ගරුත්වයක් ඇති පුද්ගලයකු වූ නිසායි.
ඔහු සමග ගම්වාසීන් සිටියේය. ගම්වාසීන් ඔහුට ධෛර්ය දුනනේය. අසල්වැසියන්ගේ දුරකථන ඔහු වෙනුවෙන් ක්‍රියාකාරී විය. ඔහුව තනි කළේ නැත. ධෛර්යමත් කලා මිස බිය ගැන්වූයේ නැත. එA නිසාම චන්ද්‍රසේන පොලිසියට එරෙහිව, ඔහුගේ අයිතිය වෙනුවෙන් ඉදිරියට ආවේය. නඩුව පවතින සෑම දිනයකම ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියේය. එ තනිවමය.
ජනසංසදය කළේ ඔහුට තනිව කරන්නට බැරි දේ කරදීම පමණකි. ධෛර්යමත් කිරීමය. නිවැරදි යොමු කිරීමය. වන්දි මුදල ගෙවීම පැහැර හැරීම හා අදාලව - ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පැහැර හැරීම˜ යන හිසින් පොලිස්පතිවරයාට ලිපියක් ලියා - ප්‍රසිද්ධියට පත් කිරීමය.
චන්ද්‍රසේන චරිතය - අද ප්‍රකට මානව හිමිකම් ආරක්ෂකයින්ට˜ අමිහිරි එකක් බව නම් කිව යුතුයි. මන්ද ඔවුන් පුන පුනා කියන, මවා පාන ඊනියා තර්ජන වලට මේ චරිතය දුෂ්ඨයෙකුවී ඇති නිසාය. මෙය විය නොහැක්කකයි නොකිව්වොත් එය පුදුම වි යුතු නැත. චන්ද්‍රසේන අදටත් - පෙරසේමය. කෙලින්කන්ද ජනපදයේ ජීවත්වෙති. රටින් පනින්න අවශ්‍ය නැත ආරක්ෂක ස්ථාන අවශ්‍ය නැත. රැකවල් අශ්‍ය නැත.
ජනසංසදයේ උත්සාහය - නඩු තීන්දුව, වෛද්‍ය වාර්තා, හුවමාරු ලිපි සියල්ල ඇතුලත් ප්‍රකාශයක් නිකුත් කරන්නටය.
අනාගත පරපුරට - සිංහල කියවන, ආත්මගරුත්වය විකුණා නිවටයින් නොවන මිනිසුන් අප අතර සිටින බවට සාක්ෂි වශයෙන්.


යූ.එ.චන්ද්‍රසේන එරෙහිව බදුරලිය පොලිසිය  SC/FR 258/2007 මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව:-           

http://www.janasansadaya.org/uploads/files/01-%20.%20258-2007_1.pdf

http://www.janasansadaya.org/page.php?main=true&type=ju&lang=en





No comments:

Post a Comment