Thursday, February 28, 2013

හොරණ ව්‍යාපාරික තරුණයෙකුගෙන් පොලිසිය කප්පම් ඉල්ලයි!


පළමු වාරිකය රු. 13,000/=ක්. ඊට පස්සේ අරක්කු බෝතලයක් බැගින් නොදුන්නොත් කුඩු පැකට් පහක් එක්ක උසාවි දානවා.

මෙම කප්පම් තර්ජණයට ලක්ව ඇත්තේ හොරණ සුඵ ව්‍යාපාරයක් පවත්වාගෙන යන විසි අට හැවිරිදි තරුණයෙක්.

නමින් හර්ෂ වන මොහු හමුවීමට පැමිණි හොරණ හල්තොටියාවත්ත පාරේ පදිංචි ශකිල ලක්මාල් නැමැත්තා, තමා පානදුර දකුණ පොලිසියේ සේවය කරන බව පවසා ඇත. මීට පෙර ඔහු ඉංගිරිය පොලිසියේ සිටි බවද අගවා තිබේ. ඔහු නිල ඇදුම් නොඅදින සිවිල් ආරක්ෂකු වශයෙන්ද හදුන්වාගෙන තිබේ.

හර්ෂ මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, පානදුර ජ්‍යෙෂෟඨ පොලිස් අධිකාරීවරයාට කර ඇති ලිඛිත පැමිණිල්ලට අනුව - එම පුද්ගලයා පානදුර දකුණ පොලිසියේ නයනජිත් නැමැති නිලධාරියාගේ දූතයෙකි.

එම පැමිණිල්ලට අනුව - කුඩු පැකට් පහකට නඩු දමන ලෙසට කොළඹින් උපදෙස් ලැබී තිබෙන බවත් - බේරා දීමට පළමුවෙන් රුපියල් දහතුන්දහසක් අවශ්‍ය බවත්, ඊට පසුව පොලිසිය පැමිණෙන සෑම අවස්ථාවකදීම අරක්කු බෝතලයක් දීම ප්‍රමාණවත් බවත් පවසා තිබේ.

මේ අතර, මේ කාරණය පිලිබදව පැමිණිලි කළහොත් ඔහුගේ කඩය කරගෙන යාමට ඉඩ නොදෙන බවත්, කඩයට සීල් තබන බවටත්, සුමානයක් ඇතුලත ඔහුව හා පිළිකා රෝගයෙන් පෙළෙන ඔහුගේ පියාව අත්අඩංගුවට ගන්නා බවටත් තර්ජණය කර තිබේ.

මේ තරුණයා මේ වන විට දැඩි භියකින් පසුවන අතර, තමාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කලහොත් මරණාසන්නව සිටින රෝගී පියා දැඩි ලෙස අතරමංවන බවද කියා සිටී.



No comments:

Post a Comment