Thursday, February 14, 2013

ඇල්ලුවේ සොරකමකට දැම්මේ කුඩු වලට


2013 ජනවාරි මස 29 වන දින සොරකමක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් තරුණයෙකුව, පෙබරවාර 04 නිදහස් දින දක්වා රදවා තබා ගෙන -   කුඩු මිළි ග්‍රෑම් 550 ක් ප්‍රවාහනය කළා යැයි චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර -   රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
ජනාධිපති රාජපක්ෂ, පොලිසියේ රදවාගෙන සිටීමේ කාලය පැය 48 දක්වා දිගු කළේ පසුගිය දාය.

ඔහු මෙය කළේ අපරාධ මර්ධනයට නොව ජනතාව මර්ධනයට හා පොලීසියට සිය දූෂිත ක්‍රියාවන් නීත්‍යානුකූල කර දීමටය.

දහ අට වියැති, මේ වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත  මලිත් වේදකව, දෙහිවල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් අත්අඩගුවට ගනු ලැබූයේ 2013 ජනවාරි 29 වන දින පස්වරු 4.00 ට පමණය.

එතැන් පටන් එම තරුණයාව, දෙහිවල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති අජිත් ගුණවර්ධන බාරයේ තබාගෙන ඇත.

කිසිදු සටහනක් නොදා නීති වරෝධීව දෙහිවල පොලීසියේ රථවාහන අංශයේ තබාගෙන සිටි මෙම තරුණයාව -  දින දෙකකට පසුව, එනම් 2013 ජනවාරි 13 වන දින පස්වරු 3.00 ට පමණ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට ගෙන විත් -  වැඩිදුර පරීක්ෂණ සදහා යැයි පවසා නැවත පොලීසිට ගෙන ගොස් තිබේ.

ඔහුගේ පියා පවසන්නේ, 2013 පෙබරවාරි 04 දක්වා මහේස්ත්‍රාත් අධිකරණයෙන් පුතාව පොලීසිය බාරයේ තබා ගැනීමට රැදවුවම් නියෝගයක් ලබා ගත් බවයි.

2013 පෙබරවාරි 04 නිදහස් දිනයේදී, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මෙම තරුණයාව ඉදිරිපත් කළේ හෙරොයින් මිළි ග්‍රෑම් 550 ක් බෙදාහැරීමේ චෝදනාව යටතේය. ඒ අනුව ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇත. දැනට ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
සොඛ්‍ය සේවිකාවක් වන මව හා හිටපු හමුදා නිලධාරියෙකු වන පියා කියා සිටියේ තමන් කිසි දිනෙක මෙරට පොලීසිය මෙවන් තිරිසන් ක්‍රියාවක් කරාවියැයි නෙසිතූ බවයි.

තවද -  පොලීසියට, රදවා තබා ගැනීමේ කාලය රාජපක්ෂ ජනාධිපති දීර්ඝ කළේ සත්බාවයෙන් යයිද සිතූ -   ඔහු තමන්ට මෙවන් විපතක් සිදු වේයැයි සිහිනෙන් වත් සිතා නැත.

මෙවර අ.පො.ස. උසස් පෙළ (ජීව විද්‍යා විෂය ධාරාවෙන්) පෙනී සිටීමට නියමිත 18 වියැති තම එකම දරුවාගේ අනාගතයද ජනාධිපති රාජපක්ෂ යටතේ පවතින පොලීසිය විනාශ කර දමන ලද බව -  තේරුම් ගැනීමට පවා නොහැකිව සිටී. රත්මලානේ ස්ථිර පදිංචි කරුවන් වන මොවුන් පවසන්නේ තම සේසතම විකුණා හෝ පුතා නිදහස් කරගෙන තම ගේ දොර විකුණා ගමකට යන බවයි.

No comments:

Post a Comment