Monday, February 4, 2013

පූටින් සහ ස්ටාලින් ග්‍රෑඩ්

            
මීට වසර 70කට පෙර දෙවන ලෝක යුද්ධයේ සන්ධිස්ථානය ලෙසට අවිවාදයෙන් පිළිගන්නා රුසියාවේ ස්ටාලින්ග්‍රෑඩ් සටන - අති උත්කර්ෂවත් ලෙස සැමරීමට රුසියානු ජනාධිපති වැල්ඩීමර් පූටින් පියවර ගත්තේය.

දෙවන ලෝක යුද්ධයේදී - රුසියාව අල්ලා ගැනීම සඳහා හිට්ලර් ගේ නට්සි හමුÞව ස්ටාලින්ග්‍රෑඩ් නගරය දක්වා පැමියේ එතරම් ප්‍රතිවාරෝධයක් නොමැතිවය.
ස්ටාලින්ග්‍රෑඩ් නගරයේ තුනෙන් දෙකක් පමණ හිට්ලර්ගේ නට්සි හමුÞවන් අතට පත්විය. එහෙත් රතු හමුÞව (සෝවියට් හමුÞව) හිට්ලර්ගේ නට්සි හමුÞව අන්ත පරාජයට පත් කළේය. දින 200ක් සටන පැවතින. හිට්ලර්ගේ ප්‍රධානතම හමුÞ නායකයින්ගේ කෙනෙකුවූ ෆීල්ඩ් මාෂල් පවුලස් කොන්දේසි විරහිතව රතු හමුÞවට යටත් විය. ඔහු ජර්මන් හමුදා ඉතිහාසයේ යටත්වූ එකම ෆීලඩ්් මාෂල් බවට පත්විය. පසුව ඔහු නට්සි විරෝධියකු විය.
වන විට මියගොස් තිබූ නට්සි හමුÞ භටයින්ගේ සංඛ්‍යාව 9000,000 ඉක්මවා ගොස් තිබින. මියගිය රතු හමුÞව 1,100,000 පමණ විය.
සෝවියට් සමූහාණAඩුවේ ලෙනින් ගෙන් පසුව බලයට පැමි‚ ජෝශප් ස්ටාලින් - රුසියාව වේගවත් දියුණූවකට පත් කිරීමට පියවර ගත්තේය. රතු හමුÞව ශක්තිමත් කරමින්නවීන යුද්ධෝපකරණ එක්කළෙAය. දකුණු රුසියාවේ සාරිට්සින් නම් නගරය 1925 දී ස්ටාලින්ග්‍රෑඩ් ලෙසට නම් කොට - කර්මාන්ත බිහි කරමින් වේගවත් සංවර්ධනයකට පියවර ගැන. සෝවියට් දේශය මහා බලවතකු බවට පත් කිරීමට පුරෝගාමීවූයේ ජෝශප් ස්ටාලින් බවට විවාදයක් නැත. ඔහුට එසඳහා න්‍යායක් විය. සාමාජවාදි සොවියට දේශයක්කම්කරු රාජ්‍යයක් බිහි කිරිමේ එම න්‍යාය ප්‍රායෝගික එකක් බවට පත් කිරිමට මරා දැමු හා මැරෙන්ට හැරිය සංඛාව දශ ලක්ෂ ගණනකි.
ජෝශප් ස්ටාලින්ගෙන් පසුව 1953 දී බලයට පත්වූ නිකිතා කෘෘෂොප් - ස්ටාලින්ගේ මිනිස් ඝාතන ප්‍රමුඛ සියලූ මර්ධනයන්වධක කඳවුරුපුනරුත්තාපන කඳවුරු (ඛ්ඉදඅ ක‍්පචි) පිළිබඳව විස්තර ලොවට හෙළි කරමින් -ජෝශප් ස්ටාලින්- නාමය සෝවියට් ඉතිහාසයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. රතු චතුරශ්‍රයේ ලෙනින්ගේ දේහය අසලින් තැන්පත්කර තිබුණු ස්ටාලින්ගේ දේහය ඉවත්කර මිහිදන් කිරීමද,ඔහුගේ පිළිරූ නගර වලින් ඉවත් කිරීමදස්ටාලින් ග්‍රැඩය - වොල්ගාග්‍රැඩය - ලෙසට වෙනස් කිරීමද එම වැඩිපිළිවෙලට අයත් විය.
එහෙත්දෙවන ලෝක සංග්‍රාමයේ ඉතිහාසයෙන් ස්ටාලින් ග්‍රෑඩ් ඉත් කිරීමට නොහැකි විය.
සෑම වසරකම පෙබරවාරි 02, එනම් නට්සි හමුÞ නායක ෆිල්ඩ් මාෂල් පවුලස් රතුහමුÞවට කොන්දේසි විරහිතව බාරවීම හා නට්සි හමුÞ සහමුලින්ම පරාජයට පත්කිරීම සමරනු ලබන්නකි.
යුද්ධය හා එහි විපාක අනාගත පරපුරට දැක ගැනීමට අදටත් එහි ඉඩසලසා ඇත. මියගිය අයගේ ඇට සැකිළි අදටත් ගොඩගනු ලැබේ.
අද මෙම අවස්ථාවසෝවියට් සමූහාණ්ඩුවම බිඳවැටීමෙන් පසුවමෙසේ උත්කර්ෂවත් ලෙසට පූටින් සැමරීමට ගන්නා උත්සාහයේ අරුත කුමක්ද ?
පූටින් 2012 මැයි 07 දින යලිත් ජනාධිපති පදවියට පත්විය. එදින සිට ඔහු පීතෘ දේශය හා දේශප්‍රෙමය ගැන කථා කරමින් මර්ධනය දියත් කිරීමටනිදහස අහිමි කිරීමට පියවර ගනිමින් සිටින්නේය. එනිදහස් හා සාධාරණ නොවු ජන්දයකින් වැඩි බහුතරය ලබාගෙන සිටින එරට පාර්ලිමේන්තුව උපයෝගී කරගනිමින්ය.
අනෙක ඔහු - යලිත් රුසියානු අධිපතිවාදය හා ජාතිවාදය කරපින්නාගෙන ලෝක බලවතා වීමට අවි තරඟයට මුල පුරා ඇත.
රුසියානු බලය පවත්වාගෙන ගිය ලිබියාව ආරක්ෂා කිරීමට එරට එAකාධිපති ගඩාපිටතම ජනතාව ඝාතනය කරන්නට අවි සැපවූයේය. අද එදේමසිරියාවේ සිදු කරයි. සිරියාවේ අසාඩ් පාලනය රකින්නේ රුසියාව හා චීනයයි.
අද පූටින්ට - ස්ටාලින්ට මෙන් දේශපාලන න්‍යායක්. එනිසාම ඔහු අද තම සමීපයා ලෙසට රුසියානු ඔතොඩේක්ස් (රස්පූටින්ගේ පල්ලිය) පල්ලිය පත්කරගෙන ඇත. ඔහු රුසියානු ඔතොඩේක්ස් පල්ලිය සතුටු කරන්නට ජන නිදහස පාවාදෙමින් සිටී.
මේ පසුබිම යටතේ ඔහු - ස්ටාලින්ග්‍රෑම් සටන අද උපයෝගී කරගත්තේය. එහෙත් ස්ටාලින්ග්‍රෑඩ් සටන සමරන්නට - ස්ටාලින් නැතිව බැරිය. එනිසා ඔහු ස්ටාලින් යුගයේ චිත්‍රපටනාට්‍ය වලට ඉඩ දුන්නේය. වොල්ග්‍රෑඩ් නාමය උත්සව සමයේ පමණ් ස්ටාලින්ග්‍රෑඩ් ලෙසට හැඳින්වීමට ඉඩ දුන්නේය. අති විශාල මුදලක් වැය කොට 3ඩි චිත්‍රපටයක් නිපදවූයේය. මේ සියල්ල පවසන්නේ එකම කථාවයි.
එනම් ස්ටාලින් - රට දියුණූ කළේය. එමිනිස් ජීවිත දශ ලක්ෂ ගණනක් බිලි අරගනිමින්ය. මර්ධනය කරමින්ය. බලහත්කාරයෙනි. රටක දියුණුව - යුද්ධ ශක්තියෙන්ගොඩ නැගිලිවලින්මංමාවත් වලින් මනින්නට පුරුදු කළෙAය. මේ සියල්ලම කළෙසෝවියට් දේශය සමාජවාදී රාජ්‍යක් බවට පත්කරන්නටය.
අද පූටින් එදේම කරන්නට සැරසෙන්නේ තවත් ස්ටාලින් කෙනෙකු වීමටතවත් කාල්මාක්ස් - ලෙනින් හා සමාජවාදය වෙනුවට දෙවියන් වහන්සේ ඉදිරියට දමාගෙන සිටී.
දේශ ප්‍රේමයසංවර්ධනය ඉදිරියට දමාගෙන ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කිරීම තුලින් සිදුවන විපතට - වන්දි ගෙවීමට ජනතාවට සිදුවනු ඇත. අඳුරු යුගයක් අනාගත පරපුරට උරුම වනු ඇත.

No comments:

Post a Comment